Friday, March 27, 2026
Follow Us
Political

රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ රාජ්‍ය ඇමතිවරුන් දිවුරුම් දීම ඊයේ සිදු කෙරිණි.‌ මේ වනවිටත් ඇමතිවරුන් සැළකිය යුතු ප්‍රමාණයක් සිය ධුරයේ වැඩ ආරම්භ කර තිබෙනවා.

Political

අලුතින් පත් කළ රාජ්‍ය අමාත්‍යවරුන් සේවය කරන්නේ මන්ත්‍රී වැටුප ලබමින් බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Political

රට තුළ මන්දපෝෂණ තත්ත්වයක් පවතින බවට යුනිසෙෆ් සංවිධානය වාර්තාවක් නිකුත් කර ඇති අවස්ථාව පක්ෂ විපක්ෂ භේදයකින් තොරව ඇමති කටු සූප්පු නොකර ළමා හා මාතෘ සෞඛ්‍ය සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බවත් මේ අවස්ථාවේ නව ජාතික පෝෂණ ප්‍රතිපත්තියක් සියලු දෙනාම එකතු වී නිර්මාණය කල යුතු බවත් වෙනදාටත් වැඩිය රෝග නිවාරණ සහ ප්‍රතිකාර ක්ෂේත්‍රයට පූර්ණ සහයෝගය ලබා දිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

Political

ශ්‍රීලනිප පාක්ෂිකයෝ පක්ෂයට බොරු කරලා

Political

කංසා අපනයනය නීතිගත කර මෙරටට විශාල වශයෙන් ඩොලර් ගෙන ඒමට හැකියාව පවතින බව අද දිනයේ දිවුරුම් දුන් සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා.

Political

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා නුදුරේදීම ඇමරිකාව බලා පිටත්ව යාමට නියමිත බව වාර්තා වේ.

Political

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 2018 වසරෙන් පසු දිගින් දිගටම ඉතාම මෝඩ තීරණ ගෙන ඇති බවත් උද්ධච්ඡකම නිසා එම මෝඩ තීරණ මත පිහිටා දිගටම කටයුතු කිරීමට යාමෙන් විශාල හානි කරගෙන ඇති බවත් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත් මහතා පවසයි.

Political

ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එල්ල කළ චෝදනාවට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් මහතා ඊයේ (07) පිළිතුරු ලබාදුන්නේය.

Political

හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මේ වනවිට කටුනායක ගුවන් තොටුපල වෙත පැමිණ ඇති බව වාර්තා වේ. ඒ, ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත්ව යාම සඳහායි.

Political

ආන්දෝලනයට තුඩුදී ඇති ගල් අඟුරු ටෙන්ඩරය සම්බන්ධයෙන් විශේෂ විඝණනයක් වහාම සිදුකරන ලෙස විඝණකාධිපතිවරයාට තමන් දැනුම්දෙන බව මුදල් කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා.

Political

අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළේ ආණ්ඩුවේ කිසිදු තනතුරක් බලාපොරොත්තුවෙන් නොවන බව නව ලංකා නිදහස් පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසනවා. ඒ, නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක් වෙමින්. සර්ව පාක්ෂික ආණ්ඩුවක අමාත්‍ය ධූරයක් භාරගන්නේදැයි කුමාර වෙල්ගම මන්ත්‍රීවරයාගෙන් එහිදී ප්‍රශ්ණ කළා.

Political

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ශ්‍රී ලංකාව අතර ඇතිවූ ගිවිසුම ඉදිරිපත් කිරීමට තමාගේ කිසිදු විරෝධයක් නොමැති බව මහ බැංකු අධිපතිවරයා තමන්ට දැනුම්දුන්නේ යැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද ප්‍රකාශ කළා. ඒ, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල යොමු කළ ප්‍රශ්ණයකට පිළිතුරු ලබාදෙමින්.

Political

පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ නිවසට හා එහි දේපළවලට පහරදී අලාභහානි කර දේපළ සොරකම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Political

වත්මන් රජයේ රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් පිරිසක් අද දිවුරුම් දීමට නියමිතයි. ඒ අනුව අද උදෑසන 9 යි 15 වන විට ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණෙන ලෙසයි මන්ත්‍රීවරුන්ට දැනුම්දී ඇත්තේ.

Political

Says President has appointed those responsible for economic crisis and 9 May attack on protestors
Claims President has reduced SLFP to its sign board
Asks Govt. to ask for support if needed instead of resorting to appointing unsuitable persons

Political

පාර්ලිමේන්තු සභාවාරය අතරතුර විපක්ෂ නායකයාගේ ඉල්ලීම

Political

යල කන්නයේ වී මිලදී ගැනීමට මුදල් සොයා ගැනීමේ ගැටලුවක් පවතින බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පාර්ලිමේන්තුවේදී අද ප්‍රකාශ කළා. ඒ, සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්. මන්ත්‍රීවරයා එහිදී ප්‍රකාශ කළේ ගොවීන් මුහුණ දෙන ගැටළු හමුවේ වී සදහා හොද මිලක් නියම කළ යුතු බවයි.