Wednesday, September 23, 2026
Follow Us
Political

සමාජ මාධ්‍යය කැළඹූ පුවතෙහි ඇත්ත මෙන්න

Political

ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආර්ථක ගැටළු විසදා ගැනිම සදහා අමෙරිකාවේ සහයෝගය ලබාදිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී එල් පීරිස් පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සදහන් කළේ එලෙස යම් මුදල් ආධාරයක් ලැබුණත් ඒවා අවභාවිතාවීමේ විශාල ඉඩකඩක් පවතින බවට අමෙරිකාව ද ප්‍රකාශ කර ඇති බවයි.

Political

පිළියන්දල, මඩපාත සංකල්ප විහාරස්ථානයේ ඉදිකෙරෙන සංඝාවාසය සඳහා මුල්‍ය පරිත්‍යාගයක් සිදුකිරීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එහි විහාරාධිපති පූජ්‍ය උග්ගොඩ ධම්මින්ද හිමිපාණන් වහන්සේ ඊයේ (13) බැහැදුටුවා.

Political

මැතිවරණ කොමිසම ඡන්දයට සූදානම් වෙයි

Political

මෙරටට සහල් ආනයනය කර ඇත්තේ සත්ව පරිභෝජනයට නොව මිනිස් පරිභෝජනයට පමණක් බව වෙළද අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසනවා. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ඉකුත්දා ප්‍රකාශ කළේ මෙරටට ආනයනය කර ඇති සහල් තොග වඩාත් සුදුසු වන්නේ සත්ත්ව පරිභෝජනය සදහා බවයි.

Political

සැප්තැම්බර් 26 වනදා අනිවාර්යයෙන්ම වෛද්‍ය වාර්තාවකුත් රැගෙන අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස උත්තර ලංකා සභාගයේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට කොළඹ මහාධිකරණය ඊයේ (13) නොතීසි නිකුත් කළේය.

Political

ජාත්‍යන්තර සංවිධානවලින් එල්ල වන බලපෑම් පරාජය කිරීමට නම් සියලු ශ්‍රී ලාංකිකයන් එකට එක්විය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා. එනිසා සියලු දේශපාලන වාදබේද ඉවත දමා සියලු දේශපාලන පක්ෂ ජනාධිපතිවරයාට සහාය ලබාදිය යුතු බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා.

Political

ආණ්ඩුවට සම්බන්ධවී අමාත්‍ය ධූර හෝ තනතුරු ලබානොගනු ඇතැයි ස්ථිරවම ප්‍රකාශ කළ හැක්කේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයින් පස් දෙනෙකු පිළිබඳ පමණක් බව පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසනවා. ඒ, නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට ඊයේ රාත්‍රියේ සහභාගී වෙමින්.

Political

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් ගොනුකර තිබෙන පෙත්සම් දෙකක වගඋත්තරකරු ලෙස නම් කර සිටින රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තට අධිකරණයේ පෙනී සිට කරුණු දක්වන ලෙස දන්වා සිතාසි නිකුත් කරන්නේ ද? නැද්ද? යන නියෝගය ලබන 29 වනදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය නියෝග කළා.

Political

ක්‍රීඩා ක්ෂේත්‍රය උන්නතිය සඳහා හිටපු ක්‍රීඩා ඇමතිවරුන්ගේ අදහස් හා යෝජනා ලබා ගැනීම සඳහා වත්මන් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් කැඳවා තිබිණි.

Political

2015 ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතුවල නිරතව සිටියදී රත්නපුර කහවත්ත ප්‍රදේශයේදී එජාප පාක්ෂිකයෙකු වෙඩිතබා ඝාතනය කළ අතර ඒ සම්බන්ධයෙන් චෝදනා එල්ල වූයේ අද රාජ්‍ය ඇමතිවරයෙකු ලෙස කටයුතු කරන චොකා මල්ලි නොහොත් ප්‍රේමලාල් ජයසේකර මහතාටයි.

Political

මෛත්‍රීපාල මන්ත්‍රීවරු ගැන ගත් තීරණය

Political

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තමන්ගේ ඡන්දදායකයන්ට ඉතා හොඳින් කළගුණ සලකන බව පොදුජන පෙරමුණේ ඩලස් පාර්ශ්වයේ සාමාජික ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා ප්‍රකාශ කරනවා.

Political

පාර්ලිමේන්තුවේ ස්ථාපිත කිරීමට යෝජිත “ජාතික සභාව” නැමති පාර්ලිමේන්තු කාරක සභාව පිළිබඳ යෝජනාව පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කර තිබෙනවා.

Political

රටේ බහුතර ජනතාව තුළ රාජපක්ෂ ප්‍රමුඛ පොහොට්ටුවට එරෙහිව කැළඹිල්ලක් ඇති වනවිට පොහොට්ටුව විසින් දේශපාලන ඩීල් එකක් ක්‍රියාත්මක කළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. රට විනාශ කළ මුදල් ඇමති, අගමැති සහ ජනපති ඉවත් වූ පසු තමන්ට අවැසි ලෙස හැසිරවිය හැකි දොරටු පාලකයෙක් රටේ පාලකයා ලෙස පත් කර ගත් බවයි විපක්ෂ නායකයා පෙන්වා දෙන්නේ.

Political

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරය දැරූ සමයේ පදිංචිව සිටි කොළඹ, පැජට් පාරේ පිහිටි නිවස විශ්‍රාම යාමෙන් පසුවත් ඔහු වෙත ලබාදීමට ගෙන තිබූ අමාත්‍ය මණ්ඩල තීරණය බලරහිත කරන්නැයි ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම පිළිබඳ විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි තීන්දුව ප්‍රකාශයට පත් කිරීම දින නියමයක් නොමැතිව කල් තැබුවා.

Political

එකවර ක්‍රීඩා දෙකකින්ම ආසියාවේ ශූරයන් බවට පත්වීමට හැකිවූයේ නාමල් රාජපක්ෂ මහතා ක්‍රීඩා ඇමතිවරයා ලෙස මෙරට ක්‍රීඩාවට සිදුකළ මෙහෙවර නිසා බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා පවසනවා.

Political

මහින්ද රාජපක්ෂට පසුව සිටි ජ්‍යෙෂ්ඨයා තමන් වන අතර මේ මොහොතේදීත් ඇමති ධූරයක් ලැබෙන්නේ නම් එය භාරගෙන කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක මහතා පැවසුවේය.