Friday, March 27, 2026
Follow Us
රටම කතා වූ යෝජනාවට අනුමැතිය

පාර්ලිමේන්තුවට අලුතෙන් එක්වන කාරක සභාව


පාර්ලිමේන්තුවේ අභිනවයෙන් ස්ථාපිත කිරිමට යෝජිත ‘ජාතික සභාව’ නමින් හැඳින්වෙන පාර්ලිමේන්තු කාරක සභාව පිළිබඳ යෝජනාව ට ඡන්ද විමසීමකින් තොරව  (20) පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමි වුණි.

කෙසේවෙතත් ජාතික ජන බලවේගය සහ ඩලස් අලහප්පෙරුම ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේන් ස්වාධීනවී විපක්ෂයේ අසුන් ගත් කණ්ඩායම ඊට විරෝධය පළ කරමින් අදහස් දැක්විය.

කථානායකවරයා සභාපතිත්වය දරන එම සභාවට අග්‍රාමාත්‍යවරයා, සභානායකවරයා, විපක්ෂ නායකවරයා, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක හා පාර්ලිමේන්තුවේ දේශපාලන පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරු 35කට නොවැඩි සංඛ්‍යාවක් ඇතුළත් වනු ඇත.

Aruna