Saturday, July 06, 2024
Follow Us
රුසියානු හමුදා සේවයේ යොදවා සිටින ශ්‍රී ලාංකික පුරවැසියන්ට බලපාන ගැටලු පිළිබඳ සාකච්ඡාවක්

රුසියානු හමුදා සේවයේ යොදවා සිටින ශ්‍රී ලාංකික පුරවැසියන්ට බලපාන ගැටලු නිරාකරණය සහ විසඳීම සඳහා රුසියාවේ නියෝජ්‍ය ආරක්ෂක ඇමති, කර්නල් ජෙනරාල් ඇලෙක්සැන්ඩර් ෆොමින් මහතා සහ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා අතර සාකච්ඡාවක් පසුගියදා (26) පැවැත්විණ. 

මේ සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා ද එක් විය.

මියගිය සහ තුවාල ලැබූවන් සඳහා වන්දි ගෙවීම සහ වේතන විධිමත් කිරීමත්, ස්වේච්ඡාවෙන් ආපසු පැමිණීමේ සහ කලින් කොන්ත්‍රාත්තුව අවසන් කිරීමේ හැකියාව පිළිබඳව ද මෙහි දී සාකච්ඡා වී තිබේ.