Saturday, October 05, 2024
Follow Us
බ්‍රිතාන්‍ය නව අග්‍රාමාත්‍යවරයා ජාතිය අමතයි

මැතිවරණය ජය ගනිමින්, බ්‍රිතාන්‍ය නව අග්‍රාමාත්‍යවරයා බවට පත් වුණු කම්කරු පක්ෂ නායක කියේර් ස්ටාර්මර් බිරිඳ වික්ටෝරියා ද සමඟ, අංක 10 ඩවුනිං වීදියේ පිහිටි අගමැති නිල නිවසට පැමිණ ජාතිය ඇමැතුවේය.

එම අවස්ථාවට කම්කරු පක්ෂ ආධාරකරුවන් බොහෝ දෙනකු පැමිණ සිටි අතර, ඔවුන්ගෙන් නව අග්‍රාමාත්‍යවරයාට හිමිවූයේ උණුසුම් පිළිගැනීමකි.

බ්‍රිතාන්‍යය නව මඟකට යොමු කරන බවත්, බ්‍රිතාන්‍යය යළි නගා සිටුවීමට කටයුතු කරන බවත් පවසමින්, නව අග්‍රාමාත්‍ය ස්ටාර්මර් අවධාරණය කළේ තමන් පක්ෂයට පෙර රට, යන සංකල්පයට අනුව කටයුතු කරන බවය.

මැතිවරණ ජයෙන් පසු, සම්ප්‍රදායට අනුව, කියේර් ස්ටාර්මර්, බකිංහැම් මාලිගයට ගොස් තෙවැනි චාල්ස් රජු හමුවී, රජයක් පිහිටුවීමට හැකි බව දැනුම් දීමෙන් අනතුරුව නව අග්‍රාමාත්‍යවරයා ලෙස මෙසේ ඩවුනිං වීදියේ අංක 10 බලා පැමිණියේය.

Aruna