කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රමුඛ දූත පිරිසක් 2024 ජූලි 21 සිට 25 දක්වා චීනයේ යුනාන් පළාතේ කුන්මිං හි පැවත්වෙන 8 වැනි චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනයට සහභාගී විය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පියංකර ජයරත්න, එම්.එස් තවුෆීක් සහ පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර යන මහත්ම මහත්මීන්ගෙන් මෙම දූත පිරිස සමන්විත විය.
ජපානයේ සංචාරයක නිරත ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සහ ජපාන විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා අතර හමුවක් සිදුව තිබේ.
පාසල්වලින් බැහැර ව සහ අවස්ථා නොමැතිව සිටින මිලියන සංඛ්‍යාත ළමුන් සහ තරුණයන් වෙනුවෙන් යුනෙස්කෝව ප්‍රධාන කාර්යභාරයක් ඉටු කර තිබෙන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.
මෙවර (ICC) වාර්ෂික සමුළුව ජූලි මස 19 වැනිදා සිට 22 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ දී පැවැත්විණ.
ඉන්දියන් සාගරය හරහා නාවික ගමනාගමනයේ නිදහස සහතික කිරීම සඳහාත්, කලාපීය රටවල ස්වෛරීභාවය රැකගැනීම සඳහාත් සහාය වීමට ඔස්ට්‍රේලියාව කැපවී සිටින බව ඕස්ට්‍රේලියාවේ හිටපු අගමැති ස්කොට් මොරිසන් මහතා පැවසීය.
චීනයේ හයිනාන් පළාත් මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ උප සභාපති සන් දහායි මහතා ඇතුලු රාජතාන්ත්‍රික නියෝජිත පිරිසකගේ හමුවවක් පළාත් පාලන පළාත් සභා සහ පරිසර රාජ්‍ය අමාත්‍යවරයාගේ සහභාගීත්වයෙන් පසුගියදා (16) පරිසර අමාත්‍යාංශ පරිශ්‍රයේදී සිදුවිය.
එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මාලි රාජ්‍යයේ සාම සාධක මෙහෙයුම් අවසන් කිරීමත් සමඟ සාම සාධක රාජකාරි සඳහා මාලි රාජ්‍යයට යොදවා සිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා භට පිරිස් පසුගියදා යළි මෙරටට පැමිණ ඇත.
ඩිමොක්‍රටික් පක්ෂය තුළින් දිගින් දිගටම එල්ල වූ බලපෑම් හේතුවෙන් තමන් නොවැම්බර් ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බවත්, ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස තමන් උප ජනාධිපතිනී කමලා හැරිස් නම් කරන බවත් ජෝ බයිඩන් පවසයි.
UNESCO අධ්‍යක්ෂ ජනරාල් Audrey Azoulay මහත්මිය විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා අතර හමුවක් ඊයේ (16) විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී පැවැත්විණ.
ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS Michael Murphy’ නෞකාව නිල සංචාරයක් සඳහා ඊයේ (23) කොළඹ වරායට පැමිණෙන ලද අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව පිළිගැනීමට කටයුතු කෙරිණි.
ඩොනල්ඩ් ට්‍රම්ප් මිචිගන්හි පැවැති ජනහමුවක් අමතමින් පවසා ඇත්තේ පසුගිය සතියේ තමාට වෙඩි තැබීමට තැත් කිරීම ‘ප්‍රජාතන්ත්‍රවාදයට වෙඩි තැබීමක්’ බවය. ඔහු ග්‍රෑන්ඩ් රැපිඩ්ස් හි පැවති රැලියේදී ජනාධිපති ජෝ බයිඩ්න් සහ උප ජනාධිපති කමලා හැරිස් ද සමච්චලයට ලක් කළේය.
ශ්‍රී ලංකාවේ චීන නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී Zhu Yanwei මහතා සහ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා අතර හමුවක් පැවැත්විණ.
චීනයේ හයිනාන් පළාත් මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ උප සභාපති ආචාර්ය සුන් දහයි (Dr Sun Dahai) මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු නියෝජිත කණ්ඩායම පසුගියදා (16) පාර්ලිමේන්තුවේ දී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවිය.
ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශයේ විධායක මට්ටමේ නිලධාරීන් සඳහා මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව පිරිනැමීමට ජපන් රජය එකඟතාව පළ කර තිබේ.
විදේශ අමාත්‍ය, නීතිඥ අලි සබ්රි මහතා හෙට සිට (16) සිට 19 දින දක්වා රුමේනියාවේ සහ පෝලන්තයේ නිල සංචාරවල නිරත වීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය නිවේනදය කරයි.
කොළඹ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක Colonel Francois Garraux සිය ධූර කාලය නිමා කර නික්ම යාමට පෙර ඊයේ ( 22) කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේදී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා හමු විය.
එක්සත් ජාතීන්ගේ, අධ්‍යාපනික, විද්‍යාත්මක සහ සංස්කෘතික සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ඕද්රි අසූලේ මහත්මිය, ශ්‍රී ලංකා රජයේ ආරාධනයෙන් හෙට (16) සිට 19 වැනි දින දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිතයි.
Page 15 of 358