ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝග මත සංක්‍රමණිකයන් සම්බන්ධව දැඩි පියවර රැසක් ගනිමින් සිටින අමෙරිකාව රටවල් 75ක සංක්‍රමණික වීසා සකස් කිරීමේ වැඩකටයුතු අත්හිටුවන බව නිවේදනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අමෙරිකානු පුරවැසියන්ගේ ආර්ථිකයට බලපෑම් සිදුනොවන බව සහතික වනතුරු එම නීතිය ක්‍රියාත්මක කරන බව එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.
සෝමාලියාව, ඉරානය, හයිටි ඇතුළු රටවල් ඊට ඇතුළත් වන බව ද වාර්තා වේ.
පසුගිය වසරේ ජනවාරියේදී සිය දෙවැනි ධුර කාලය ආරම්භ කිරීමෙන් පසු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සංක්‍රමණික විරෝධී නව නීතිරෙගුලාසි රැසක් හඳුන්වා දී ඇති අතර, අමෙරිකානු ඉතිහාසයේ විශාලතම සංක්‍රමණිකයන් පිටුවහල් කිරිම ක්‍රියාත්මක කරන බවට ප්‍රතිඥා දී තිබේ. එම නීතිරෙගුලාසි යටතේ මේ වන විටත් සංක්‍රමණිකයන් ලක්ෂ 6කට වැඩි ප්‍රමාණයක් පිටුවහල් කිරීමට ද අමෙරිකානු රජය පියවර ගෙන තිබේ. තවත් සංක්‍රමණිකයන් මිලියන 2.5ක් ස්වකැමැත්තෙන්ම අමෙරිකාවෙන් ඉවත් වූ බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
Dinamina