ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් මේජර් ජෙනරල් ෆහීම් උල් අසීස් (Major General (R) Faheem Ul Aziz HI (M)) මහතා සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අතර හමුවක් ඊයේ (16) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්වුණි.
මෙහි දී ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර දීර්ඝකාලීන සමාජ, ආර්ථික, ක්‍රීඩා ඇතුළු අනෙකුත් ක්ෂේත්‍ර පිළිබඳවත්, විශේෂයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ කටයුතු ඉදිරියේ දී තව තවත් වර්ධනය කර ගැනීම පිළිබඳවත් සාකච්ඡාව කෙරුණි.
එමෙන්ම මෙරට ඖෂධ සැපයුම් ක්‍රමවේදය පිළිබදව ද මෙහි දී අවධානය යොමුවී තිබේ.
පාකිස්තානු රජයේ සහයෝගීතාවයෙන් මෙරට කර්මාන්ත අමාත්‍යාංශය හා විදේශ කටයුතු අමාත්‍යාංශය එක්ව ඖෂධ,රූපලාවන්‍ය සහ ආයුර්වේද නිෂ්පාදන කර්මාන්ත බිහිකිරීමට ඇති හැකියාව ද මෙහි දී විමසා බැලීය.
මෙරට ක්‍රියාත්මක වන නිදහස් සෞඛ්‍ය සේවාව පාකිස්ථාන මහ කොමසාරිස්වරයාගේ විශේෂ ඇගයීමට ලක් විය.
පාකිස්ථාන රජයේ සහ එරට ජනතාවගේ සහයෝගය මෙතෙක් ලබා දුන් පරිදිම ඉදිරියටත් ශ්‍රී ලංකාවට නිබඳව ලබාදෙන බව පාකිස්ථාන මහ කොමසාරිස්වරයා මෙහි දී අවධාරණය කළේය.
ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර ශක්තිමත් සබඳතාව මෙම හමුවේදී තවදුරටත් තහවුරු කෙරුණු අතර විවිධ ක්ෂේත්‍ර ඔස්සේ එම සබඳතා වර්ධනය කරගැනීමට ඇති හැකියාව පිළිබඳව ද දෙපාර්ශ්වයේම අවධානය මෙහි දී යොමු විය.