Wednesday, January 28, 2026
Follow Us
පකිස්ථාන ජනරජයේ අග්‍රාමාත්‍යවරයාගේ කර්මාන්ත හා නිෂ්පාදන පිළිබඳ විශේෂ සහකාර දිවයිනට

පකිස්ථාන ජනරජයේ අග්‍රාමාත්‍යවරයාගේ කර්මාන්ත හා නිෂ්පාදන පිළිබඳ විශේෂ සහකාර හරූන් අක්තාර් ඛාන් මහතා ඊයේ (/27) මෙරටට පැමිණියේ ය.

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ විශේෂ අමුත්තන්ගේ මැදිරියේදී වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම්. ජයවර්ධන මහතා විසින් හරූන් අක්තාර් ඛාන් මහතා පිළිගත්තේ ය.

2026 ජනවාරි 28 දින පැවැත්වීමට නියමිත පකිස්ථාන-ශ්‍රී ලංකා ඒකාබද්ධ ආර්ථික කොමිසමේ (JEC) 13 වන සැසිවාරයට සහ 8 වන ලේකම් මට්ටමේ සාකච්ඡාවලට සහභාගී වීම සඳහායි පකිස්ථාන ජනරජයේ කර්මාන්ත හා නිෂ්පාදන පිළිබඳ අග්‍රාමාත්‍යවරයාගේ විශේෂ සහකාර හරූන් අක්තාර් ඛාන් මහතා ශ්‍රී ලංකාවට පැමිණියේ ය.

වෙළඳ,වාණිජ, ආහාර සුරක්ෂිතතා හා සමූපකාර සංවර්ධන අමාත්‍යංශයට අයත් වාණිජ දෙපාර්තමේන්තුව මගින් මෙය සංවිධානය කරනු ලබයි.


පකිස්ථාන අග්‍රාමාත්‍යවරයාගේ කර්මාන්ත හා නිෂ්පාදන පිළිබඳ විශේෂ සහකාර ගරු හරූන් අක්තාර් ඛාන් මහතා සහ වෙළඳ,වාණිජ,ආහාර සුරක්ෂිතතා නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම්. ජයවර්ධන මහතා අතර කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ විශේෂ අමුත්තන්ගේ මැදිරියේදී සුහද සාකච්ඡාවක් පැවැත්විණි.


එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ වංචාවෙන් දූෂණයෙන් තොරව රට ආර්ථික වශයෙන් ස්ථාවර වෙමින් පවතින බවයි. හරූන් අක්තාර් ඛාන් මහතා කියා සිටියේ ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර පවතින ආර්ථික සහයෝගීතාව තවදුරටත් මෙම නිල සංචාරයෙන් වර්ධනය කර ගැනීමට අපේක්ෂා කරන බවයි.

එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ දෙරට අතර පවතින ආර්ථික මෙන්ම සමාජීය සංස්කෘතික සහයෝගිතාව තවදුරටත් ඉහළ නංවා ගැනීමට රජයක් ලෙස අපේක්ෂා කරන බවයි.