“වත්මන් සංවර්ධන අභියෝග හමුවේ විද්‍යාව, තාක්‍ෂණය සහ නවෝත්පාදනයේ කාර්යභාරය” යන තේමාව යටතේ සැප්තැම්බර් 14 සිට 16 දක්වා කියුබාවේ හවානා නුවරදී පැවැත්වීමට නියමිත "G77 සහ චීනය" රාජ්‍ය නායක සමුළුව ඇමතීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද අලුයම දිවයිනෙන් පිටත්ව ගිය බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් කරන ලද ඉල්ලීමකට අනුව කොළඹ රුසියානු මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරී නටාලිය කුලිෂෙන්කෝ (Natalia Kulishenko) මහත්මිය විසින් හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ පුස්තකාලය වෙත රුසියානු ග්‍රන්ථ එකතුවක් පරිත්‍යාග කරන ලදි. ඇය විසින් මෙරටදී පරිහරණය කරන ලද කෘති ගණනාවක්ද මෙම එකතුවට ඇතුළත් විය.
අමෙරිකා එක්සත් ජනපදයේ එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ වාර්ෂිකව පැවැත්වෙන සයිබර් අවකාශයේ කාන්තා සහයෝගිතා වැඩසටහන සඳහා මෙවර ශ්‍රී ලංකාව නියෝජනය කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයට(ICTA) හිමිවිය.
පොදුරාජ්‍ය මණ්ඩලීය සාමාජික රටවල තරුණ ප්‍රතිපත්ති ආමන්ත්‍රණය කරමින් සෑම වසර හතරකට වරක් පවත්වනු ලබන පොදුරාජ්‍ය මණ්ඩලීය තරුණ අමාත්‍යවරුන්ගේ සමුළුවේ, 10 වැනි සමුළුව (The 10 th commonwealth youth ministers meeting 10CYMM) සැප්තැම්බර් 11 සිට 15 දක්වා එක්සත් රාජධානියේ ලන්ඩන් නුවර Marlborough House හි දී පැවැත්වේ.
ජපාන රජය සහ ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජනසියේ, මූල්‍ය සහය මත මෙරට විදුලිබල ක්ෂේත්‍රයේ ක්‍රියාත්මක ව්‍යාපෘතිවල කටයුතු ඇගයීම පසුගියදා සිදු කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි.
ලොව ඉහළ පෙළේ මහ බැංකු අධිපතිවරුන්ගේ නම් ලැයිස්තුවට ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඇතුළත් වී තිබේ.
විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා සහ ඉතාලියේ නව තානාපති H.E Damiano Francovigh සමඟ ඵලදායී හමුවක් විදේශ කටයුතු අමාත්‍යාංශයේදී පැවැත්විණි.
මෙරට ධීවර ක්ෂේත්‍රයේ සිදුකළ හැකි ආයෝජන පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා චීන කර්මාන්තකරුවන් පිරිසක් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ (06) පාර්ලිමේන්තුවේදී හමුවිය.
A Parliamentary delegation from Japan called on Prime Minister Dinesh Gunawardena at Temple Trees yesterday (September 1) to discuss further strengthening of bilateral cooperation and people-to-people relations between Japan and Sri Lanka.
මොරොක්කෝ රාජ්‍යයට බලපෑ ප්‍රබල භූ කම්පනයෙන් පුද්ගලයින් 1000කට අධික පිරිසක් මියගොස් 300කට අධික පිරිසක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
“G77 කණ්ඩායම සහ චීනය” රාජ්‍ය නායක සමුළුව ඇමතීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි සතියේ දී කියුබාව බලා පිටත්ව යාමට නියමිතය.
Tharman Shanmugaratnam, former Singapore deputy prime minister, has been elected to the ceremonial post of president, according to official results, in an election seen as a barometer of public sentiment towards the ruling party amid economic challenges.
එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණයට (USGS) අනුව මොරොක්කෝවට රිච්ටර් මාපක 6.8 ක ප්‍රබල භූමිකම්පාවක් සිදුවී තිබෙන බව වාර්තා වෙයි.
දේශීය මුල පිරීම් සඳහා කැනේඩියානු අරමුදලේ අනුග්‍රහයෙන් ජාතීන් අතර මිත්‍රත්වය පදනම විසින් ක්‍රියාත්මක කරන ඉවතලන ප්ලාස්ටික් ප්‍රතිචක්‍රිකරණ ව්‍යාපෘතියේ පළමු අදියර ඊයේ (04) උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මහකණ්ඩිය ග්‍රාම සේවා කොට්ඨාසයේ දී ආරම්භ කෙරිණි.
Ten days after India's success in landing the first ever spacecraft on the southern side of the moon, the country has launched 'Aditya L1', its first mission to study the sun. The spacecraft was launched on the polar satellite launch vehicle rocket, from Sriharikota on the eastern coast of India at 11.50am local time.
ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර ද්විපාර්ශ්වික සබඳතා සහ සංවර්ධන සහයෝගීතාව පිළිබඳ අදහස් හුවමාරු කර ගැනීමට බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් මහතා ඊයේ (07) අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවිය.
මැලේෂියානු ජාතික දිනය මෙවර 66 වන වතාවටත් අති උත්කර්ෂවත් අන්දමින් මැලේෂියානු ජනතාව විසින් සමරනු ලබන අතර ඊට සමගාමීව ශ්‍රි ලංකාවේ මැලේෂියානු මහකොමසාරිස් කාර්යාලය විසින් සංවිධානය කරන ලද මැලේෂියානු ජාතික දින සැමරුම අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (31) කොළඹ දී පැවැත්විණ.
Page 61 of 374