Wednesday, April 01, 2026
Follow Us
International Affairs

Exterminators PLC, said it has recently entered a strategic partnership with Sentario Pest Management, a UK-based firm specialising in preventive pest management. 

International Affairs

වෙළෙඳ සහ ආයෝජන සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමඟ ඒකාබද්ධ ආර්ථික කවුන්සිලයක් පිහිටුවීමට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා යෝජනා කරයි.

International Affairs

ඉන්දියානු සාගර කලාපීය වටද්දර රටවල සංගමයේ (IORA) අමාත්‍ය මණ්ඩල රැස්වීමට සහභාගී වීම සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුව අද (11) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය.

International Affairs

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ලොවම බලා සිටින ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගය අද (14) අහමදාබාද් නුවර නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගනයේදී පස්වරු දෙකට ආරම්භ වීමට නියමිතයි.

International Affairs

ශ්‍රී ලංකා - ඕස්ට්‍රේලියා වෙළෙඳ හා ආයෝජන රාමු ගිවිසුම (TIFA) තවත් වසර පහකට දීර්ඝ කිරීම ඊයේ (11) අමාත්‍යාංශයේ දී වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සහ ඕස්ට්‍රේලියානු සහකාර විදේශ අමාත්‍ය ටිම් වොට්ස් මහතා ඉදිරියේ දී වෙළෙඳ අමාත්‍යාංශ ලේකම් ඒ.එම්.පී.එම්.බී අතපත්තු මහතා හා ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් ස්ටෙෆන්ස් මහතා විසින් අත්සන් තැබිණි.

International Affairs

මැලේසියාවේ විදේශ කටයුතු අමාත්‍ය Dato Seri Diraja Dr Zambry Abdul Kadir මහතා  හා අමාත්‍ය අලි සබ්රි මහතා අතර හමුවක් අද (10) විදේශ කටයුතු අමාත්‍යාංශයේදී සිදුවිය. 

International Affairs

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මුහුදු මගී යාත්‍රා සේවය අද (14) සිට ආරම්භ වේ.

International Affairs

විශේෂ නිපුණතා සහිත ශ්‍රි ලාංකික තරුණයින් හට SSW කාණ්ඩය යටතේ ජපානයේ රැකියා අවස්ථා ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා ජපානයේ IM Japan ආයතනය අතර අවබෝධතා ගිවිසුමකට කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ දී ඊයේ (11)අත්සන් තැබිණ.

International Affairs

කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරිත්වයට සම්බන්ධ වීමට ශ්‍රී ලංකාවේ ඉල්ලුමට මැලේසියාව සහාය වනු ඇති බව මැලේසියානු විදේශ කටයුතු අමාත්‍ය  Dato Seri Diraja Dr Zambry Abd Kadir මහතා  පවසයි.

International Affairs

ගාසා තීරයේ උතුරු පළාතේ පදිංචිවී සිටින මිලියන 1.1ක පලස්තීන ජනතාවට පැය 24ක් ඇතුළත දකුණු ගාසා තීරයට පලා යන ලෙස ඊශ්‍රායල හමුදාව නියෝග කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එය හමාස් සංවිධානයට එරෙහිව අනපේක්ෂිත භූමි ආක්‍රමණයකට පෙර ජනතාව ඉවත් කිරීමේ අනතුරු ඇඟවීමක් බවත්, ගාසා තීරයේ පලස්තීන ජනතාවට එවැනි නියෝගයක් නිකුත් වී ඇත්තේ ඉතිහාසයේ පළමුවතාවට බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

මේ අතර ඊශ්‍රායල හමුදාවේ නියෝගය නොතකා තමා සමඟ රැඳී සිටින ලෙස හමාස් සංවිධානය පලස්තීන ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය. නිවෙසින් බැහැර නොගොස් සිය නිවාසවලම රැඳී සිටින ලෙස හමාස් සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් පලස්තීන ජනතාවට දැනුම් දී ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ. එසේ වුවත් මේ වන විට මෝටර් රථ, ලොරි රථ ඇතුළු සියලු ප්‍රවාහන ක්‍රමවේද භාවිත කරමින් පලස්තීන ජනතාව උතුරු ගාසා තීරයෙන් ඉවත්වෙමින් සිටින බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

International Affairs

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හා ලෝක බැංකුවේ වාර්ෂික රැස්වීමට සමගාමීව, දකුණු කොරියාවේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය චුකියංග් හෝ මහතා සමඟ සාකච්ජාවකට ද මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා එක් විය.

International Affairs

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය හරහා ඉන්දියන් සාගරය සහ ගුවන් අවකාශය සදාකාලික සාම කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කරවීමට සමත් වූ ශ්‍රී ලංකාව ඉදිරියටත් එම තත්ත්වය පවත්වා ගෙන යාමට කැපවන බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා සඳහන් කළේය.

International Affairs

දකුණු කොරියානු සත්වෝද්‍යානයක අලුත උපන් යෝධ නිවුන් පැන්ඩා පැටවුන්ගේ නම් ප්‍රථමවරට එළි දක්වා තිබේ.

International Affairs

ඊශ්‍රායලයේ සිටින ශ්‍රි ලංකිකයින් පිළිබඳ තොරතුරු දැන ගැනීම සඳහා දුරකථන අංක දෙකක් හඳුන්වා දීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පිවරගෙන තිබේ.

International Affairs

කොරියානු අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය හෙවත් KOICA යටතේ මෙරට කෘෂිකර්ම අංශයේ නිලධාරින් හා විද්‍යාඥයින් සඳහා පුහුණු පාඨාමාලා ලබාදීමේ වැඩපිළිවෙළ යළි අරඹන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙරට දකුණු කොරියානු තානාපතිනියගෙන් ඉල්ලිමක් කළේය.

International Affairs

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර ඇතිවී තිබෙන දරුණු ගැටුම්කාරී තත්ත්වය හමුවේ ඊශ්‍රායලයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිතාරක්ෂාව ඇතුළු හදිසි අවශ්‍යතා සම්බන්ධව විශේෂ අවධානයකින් කටයුතු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් නිකුත්කර ඇත.

International Affairs

ඉන්දියානු සාගර කලාපීය වටද්දර සංගමයේ (IORA) අමාත්‍ය මණ්ඩල රැස්වීමට සහභාගී වීම සඳහා දිවයිනට පැමිණ සිටින එක්සත් රාජධානියේ ඉන්දු-පැසිෆික් කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ඈන්-මාරී ට්‍රෙවෙලියන් මහත්මිය (Anne-Marie Trevelyan) සහ දකුණු අප්‍රිකාවේ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය නලේඩි පැන්ඩෝර් මහත්මිය (Dr. Naledi Pandor) ඊයේ (10) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී සාකච්ඡා පැවැත්වීය.

International Affairs

ශ්‍රී ලංකා ගුවන් හමුදාව 06 වන වරටත් සංවිධානය කරනු ලබන කොළඹ ගුවන් කතිකාවත( COLOMBO AIR SYMPOSIUM) එංගලන්තය , ඇමෙරිකා එක්සත් ජනපදය, කැනඩාව, ඉන්දියාව ,චීනය ඇතුළු රටවල දෙස් විදෙස් විද්වතුන් රැසකගේ සහභාගිත්වයෙන් ගුවන් හමුදා රත්මලානේදී අද (09) සහ හෙට ( 10 ) යන දිනයන්හිදී පැවැත්වේ.