Saturday, January 17, 2026
Follow Us
ප්‍රංශ තානාපතිවරයා සහ විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා අතර සාකච්ඡාවක්

බලශක්ති ක්ෂේත්‍රයේ විභව ආයෝජන සහ හවුල්කාරිත්වය පිළිබඳව ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපතිවරයා සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අතර සාකච්ඡාවක් අද (08) එම අමාත්‍යාංශයේ දී පැවැත්විණ.

පුනර්ජනනීය බලශක්තිය, න්‍යෂ්ටික බලශක්ති ඒකාබද්ධ කිරීමේ සැලසුම්, ස්මාර්ට් ජාල සංවර්ධනය සහ බලශක්ති කාර්යක්ෂමතා සැලසුම් පිළිබඳ රජයේ ප්‍රතිපත්තිය මෙහි දී සාකච්ඡා කර තිබේ.

EDF (Electricity De France) විසින් න්‍යෂ්ටික බලශක්තිය සහ අනාගතයේ ඇති විය හැකි හවුල්කාරිත්වය පිළිබඳ යෝජනාවක් පිළිබඳව ද මෙහි දී සාකච්ඡා කර ඇත.