Saturday, January 17, 2026
Follow Us
ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් ප්‍රධානියා සහ විදුලිබල හා බලශක්ති ඇමැති අතර සාකච්ඡාවක්

ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් ප්‍රධානී පීටර් බෲවර් මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනෙකුත් නිලධාරීන් ඊයේ (17) විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ දී අමාත්‍ය කංචන විජේසේකර මහතා හමු විය.

විදුලිබල හා බලශක්ති අංශයන්, පිරිවැය පරාවර්තක ඉන්ධන සූත්‍ර සහ විදුලි ගාස්තු, ගාස්තු සංශෝධන, වගකීම් විගණන, ශේෂ පත්‍ර සහ ආංශික ප්‍රතිසංස්කවලින් රජය විසින් ක්‍රියාත්මක කරන ලද ප්‍රතිසංස්කරණ පිළිබඳව මෙහි දී සාකච්ඡා කර තිබේ. 

මෙම සාකච්ඡාවට අමාත්‍යාංශ නිලධාරීන්, ඛනිජ තෙල් නීතිගත සංස්ථවෛ් සහ මුදල් අමාත්‍යාශයේ නිලධාරීන් සහභාගී විය.