Saturday, January 17, 2026
Follow Us
ජනපති මෙන්සීස් ගුවන් සේවයේ සභාපති හමු වෙයි

ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවර පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මෙන්සීස් (Menzies) ගුවන් සේවයේ සභාපති හසන් එල්-හූරී (Hassan El-Houry ) මහතා අතර හමුවක් පවත්වා තිබේ.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා ද මේ අවස්ථාවට සහභාගි විය.