Saturday, January 17, 2026
Follow Us
ජනපති රනිල් අමෙරිකා හිටපු උප ජනාධිපති හමුවෙයි

ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවර පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ අමෙරිකා එක්සත් ජනපදයේ හිටපු උප ජනාධිපති, The Climate Reality Projectහි නිර්මාතෘ සහ සභාපති ඇල් ගෝර් (Al Gore) මහතා අතර හමුවක් පැවැත්විණි.

දේශගුණ විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන සහ ජිනීවාහි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත සහ තානාපති හිමාලි අරුණතිලක යන මහත්ම මහත්මීහු ද මේ අවස්ථාවට එක් වූහ.