Monday, April 21, 2025
Follow Us
ප්‍රසිද්ධ නිල් චිත්‍රපට නිළියගේ මළ සිරුර හමුවෙයි

නිල් චිත්‍රපට නිළියක් වන පේරු ජාතික තායිනා ෆීල්ඩ්ස් පසුගියදා සිය නිවසේ දී අබිරහස් ලෙස මියගොස් සිටිය දී සොයා ගෙන ඇත.

මිය යන විට ඇය 24 හැවිරිදි වියේ පසු විය.

ඇය මෙලෙස අබිරහස් ලෙස මියගොස් ඇත්තේ වැඩිහිටි චිත්‍රපට කර්මාන්තය තුළ ඇය මුහුණ දුන් “ඉතා ප්‍රබල ” ලිංගික හිරිහැර පිළිබඳව ප්‍රසිද්ධියේ හෙළිදරව් කිරීමෙන් මාස අටකට පසුව වීම විශේෂත්වයකි. වැඩිහිටි චිත්‍රපට කර්මාන්තයේ යෙදී සිටියදී කාන්තාවක් ලෙස තමා මුහුණ දුන් අභියෝග සියල්ල ඇය විස්තර කර තිබුණි.

කෙසේ වෙතත් අබිරහස් ලෙස මියගිය ෆීල්ඩ්ස්ගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

තායිනා ෆීල්ඩ්ස් පේරු හි සුප්‍රසිද්ධ වැඩිහිටි චිත්‍රපට තරුවකි. “චිනිතා” ලෙසින් හැඳින්වූ ඇය වැඩිහිටි සිනමා කර්මාන්තයේ කැපී පෙනෙන චරිතයක් බවට පත් වූවාය.

Dinamina