Sunday, June 16, 2024
Follow Us
SPC ඔසුසල් ජාලයේ 56 වන ඔසුසල වැල්ලවත්තේ දී විවෘත කෙරේ

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ වැල්ලවත්ත රාජ්‍ය ඔසුසල ශාඛාව ඊයේ (21) සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත විය.

ඒ අනුව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ඔසුසල ජාලයේ 56 වන ඔසුසල ලෙස වැල්ලවත්ත නගරයේ ලංකා බැංකුවට යාබදව ස්ථාපිත කළ මෙම ඔසුසල මගින් පළපුරුදු ඖෂධවේදීන්ගේ සේවාව යටතේ, රාජ්‍ය මුද්‍රාව සහිත නියම ප්‍රමිතියෙන් යුතු ගුණාත්මක ඖෂධ අඩුමිලකට මිලදී ගැනීමට ජනතාවට හැකියාව ලැබෙන අතර, ඡ්‍යෙෂ්ඨ පුරවැසියන්, ගර්භනී මවුවරුන් සහ වයස අවුරුදු 05ට අඩු දරුවන් සදහා 5%ක සුවිශේෂි වට්ටමක් සහිතව ඖෂධ නිකුත් කිරීම ද විශේෂත්වයකි. 

1971 වර්ෂයේ දී මහාචාර්ය සේනක බිබිලේ මැතිතුමා විසින් රාජ්‍ය ඖෂධ සංස්ථාව ශ්‍රී ලංකාව තුල ස්ථාපිත කරන ලද අතර, රාජ්‍ය ඖෂධ සංස්ථාව පසුගිය වසර 53 කාලය තුළ දීප ව්‍යාප්තව ඔසුසල් ජාලයක් පිහිටුවා ඇත. 

ඔසුසල විවෘත කිරීමෙන් අනතුරුව පළමු ඖෂධ මිළදී ගැනීම සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා  සිදු කළ අතර,  මහාචාර්ය සේනක බිබිලේ මහතාගේ රුව සහිත ඡායාරූපයකට උපහාර පිඳීම ද සිදු කෙරිණි. 

මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල, රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපති වෛද්‍ය අජිත් මෙන්ඩිස්, කළමණාකාර අධ්‍යක්ෂ මෙවන් සම්පත් සුබසිංහආරච්චි, සාමාන්‍යාධිකාරි දිනූෂ දසනායක යන මහත්වරු සෞඛ්‍ය කාර්ය මණ්ඩල ඇතුළු ප්‍රදේශවාසි ජනතාව විශාල පිරිසක් එක්ව සිටියහ.