Wednesday, July 01, 2026
Follow Us
ඩෙංගු රෝගීන්ගේ ක්‍රමානුකූල අඩුවක්

මේ වසරේ ගත වූ මාස 05 තුළ මෙරට ඩෙංගු රෝගීන්ගේ ක්‍රමාණූකූල අඩුවීමක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.

බෝනොවන රෝග පිළිබද විශේෂ අවධානය යොමු කරනු ලබන බවත් අමාත්‍යාංශයේ නිලධාරීන් ඩෙංගු මර්දනයට සක්‍රීයව මැදිහත් වන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.


2024 වසර මෑත ඉතිහාසයේ මෙරට ඩෙංගු මරණ අඩුම වසර බවට පත් කර ගත හැකි වනු ඇති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.