Sunday, June 23, 2024
Follow Us
අනුරාධපුරා - මිහින්තලය දුම්රිය ධාවනය ලබන 17 සිට යළි ඇරඹේ

වසර ගණනාවකට පසු ප්‍රතිසංස්කරණය කෙරුණු අනුරාධපුර - මිහින්තලේ දුම්රිය මාර්ගයේ යළි දුම්රිය ධාවනය මෙවර පොසොන් සමයේ මුල්කර ගෙන ලබන 17 (සඳුදා) සිට ආරම්භ කිරීමට තීරණය කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ අනුරාධපුර ප්‍රාදේශීය ප්‍රවාහන අධිකාරී නිරන්ත විස්සුන්දර මහතා පවසයි.

මේ වනවිට එම දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු බොහෝදුරට අවසන් කර ඇති බව ඒ මහතා පෙන්වා දුන්නේය.