2025 වසරේ මාර්තු 05වනදා දක්වා කාලය තුළදී සංචාරකයන් 530,746ක් මෙරටට පැමිණ ඇති බව වාර්තා වේ.
එළැඹෙන සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමයේ ජනතාවගේ ජීවන වියදම අඩු කිරීමේ සහ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමේ අරමුණින් අස්වැසුම පොරොත්තු ලේඛනයේ සිටින පවුල් ලක්ෂ 08ක් වෙනුවෙන් සතොස අලෙවිසැල් මගින් වට්ටම් මිලකට ආහාර පැකේජයක් ලබා දීමට සැලසුම් කර තිබේ.
මෙවර අයවැයෙන් වාරි පද්ධතියේ සංවර්ධනය සඳහා වෙන් කරන ලද ප්‍රතිපාදන ඉදිරි මාස 08 තුළ පූර්ණ හා ඵලදායී ලෙස ලෙස යෙදවීමේ අවශ්‍යතාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට පෙන්වා දුන්නේය.
විශේෂ නිපුණතා සහිත ශ්‍රමික වැඩසටහන යටතේ (SSW) ජපානයේ හෙද සත්කාර ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා රැසක් ශ්‍රී ලාංකිකයින්ට ලැබී ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
ජාතික බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරමින් ඉක්මනින්ම කර්මාන්තකරුවන්ගේ බදු ගැටලු විසඳීමට කටයුතු කරන බවත්, දීර්ඝ කාලයක් පුරා දේශීය කර්මාන්ත ක්ෂේත්‍රය තුළ ඇතිවී තිබූ ගැටලු විසඳීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් නව රජය විසින් ක්‍රියාත්මක කරන බවත් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.
මේ වසරේ සංචාරක ඉලක්කය සම්පූර්ණ කිරීම සඳහා යහපත් ආරම්භයක් ගනිමින් පසුගිය ජනවාරි මාසයේදී අමෙරිකානු ඩොලර් මිලියන 400.7ක වාර්තාගත ආදායමක් උපයා ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව වී තිබෙන බව වාර්තා වෙයි.
ජනාධිපති කාර්යාලය සතු සුඛෝපභෝගී වාහන 14ක්, භාවිතයෙන් ඉවත් කරන ලද වාහන 6ක් සහ වාහන අමතර කොටස් අළෙවි කිරීමට අදාළ වෙන්දේසිය ඊයේ (28) සිදු කෙරිණි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (05) පැවැත්විණි.
2025 වසරේ මුල් මාස දෙක තුළ සංචාරක කර්මාන්තයෙන් අමෙරිකා ඩොලර් මිලියන 768.2 ක ආදායමක් උපයා ඇති බව නවතම මහබැංකු දත්ත පෙන්නුම් කරයි.
පසුගිය දිනවලට සාපේක්ෂව මේ වන විට මෙරට රන් මිල සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙන බව වාර්තා වෙයි.
සුරා බද්ද ඉහළ දැමීම සඳහා මුදල් අමාත්‍යාංශය ඉදිරිපත්කල යෝජනාවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමිවිය. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පසුගියදා ( 06) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.
විස්තීර්ණ ණය පහසුකම් යටතේ ශ්‍රී ලංකාව සඳහා තවත් වාරිකයක් අනුමත කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය තීරණය කර තිබේ.
අවුරුදු කාලයේදී සතොස හරහා අත්‍යාවශ්‍ය භාණ්ඩ සඳහා සහනයක් ලබාදම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු වී ඇති බවත්, ඒ සඳහා මුදල් වෙන් කිරී මේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
Page 27 of 280















