Sunday, May 25, 2025
Follow Us
දින 21කට විදේශ සංචාරකයින් 90,000 ඉක්මවයි

මෙම මාසයේ මුල් දින 21 තුළ මෙරටට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 90,000 ඉක්මවා ගොස් තිබෙන බව වාර්තා වෙයි.

සංචාරක සංවර්ධන අධිකාරිය පවසන්නේ මේ මාසයේ මුල් දින 21 තුළ සංචාරකයින් 91,785ක් මෙරටට පැමිණ ඇති අතර ඒ අතරින් වැඩිම සංචාරකයින් සංඛ්‍යාවක් පැමිණ ඇත්තේ, ඉන්දියාවෙන් බවයි.

ඒ අනුව මේ වසරේ දැනට මෙරටට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 988, 669 දක්වා ඉහළ ගොස් ඇත.

මෙම වසර අවසන් වන විට සංචාරයින් මිලියන 3ක් මෙමරටට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරයි.