Saturday, February 14, 2026
Follow Us
වරාය හා ගුවන්තොටුපොළ E ගේට්ටු පද්ධති ස්ථාපනය කඩිනම් කෙරේ
ජපාන රජයේ අධාරයක් ලෙස ක්රියාත්මක වන ඉලෙක්ට්රොනික ගේට්ටු පද්ධති ස්ථාපනය කිරීමේ ව්යාපෘතිය කඩිනම් කිරීම සඳහා වන විශේෂ කමිටු රැස්වීමක් පසුගිය දා වරාය හා සිවිල්ගුවන්සේවා අමාත්යාංශයේ දී පැවැත්විණි.
 
මෙම ඉලෙක්ට්රොනික ගේට්ටු පද්ධතිය ස්ථාපිත කිරීමේ ව්යාපෘතියේ වර්තමාන තත්වය සහ මෙම ක්රියාවලිය කඩිනම් කිරීමට ගත හැකි ක්රියාමාර්ග පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් විය. මෙම ව්යාපෘතිය ඉදිරියට ගෙන යාමේ දී මුහුණ දීමට සිදු විය හැකි අභියෝග පිළිබඳව ද සාකච්ඡා කළ අතර ශ්රී ලංකාවට ගැලපෙන ලෙස යම් යම් වෙනස්කම් කරමින් මෙම ව්යාපෘතිය කඩිනමින් අවසන් කිරීමට අවධානය යොමු විය.
 
මෙම රැස්වීම සඳහා වරාය හා සිවිල්ගුවන්සේවා නියෝජ්ය අමාත්ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා , මහජන අරාක්ෂාව සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ නියෝජ්ය අමාත්ය සුනිල් වටගල මහතා, ප්රවාහන, මහාමාර්ග වරාය හා සිවිල්ගුවන්සේවා අමාත්යාංශ ලේකම් ජ්යෙෂ්ඨ මහාචාර්ය කපිල සී. පෙරේරා මහතා, ඇතුළු පිරිසක් සහභාගි විය.