ලංකා සතොස හරහා අලෙවි කරන අත්‍යවශ්‍ය භාණ්ඩ 12ක මිල අඩු කිරීමට පියවර ගෙන ඇති බව සතොස සභාපති පසඳ යාපා අබේවර්ධන මහතා පවසයි.
වර්ෂ 2015 ජනවාරි 01 දින සිට 2022 දෙසැම්බර් 31 දක්වා ශ්‍රී ලංකා රජය විසින් විදේශීය රටවලින්, විදේශීය නියෝජිතායතනවලින් හා බැංකුවලින් ලබාගෙන ඇති ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 29,922 ක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කරයි.
විදේශ ගත ශ්‍රමිකයන්ගේ විදේශ ප්‍රේෂණ 2021 දෙසැම්බරයේ දී ඇමෙරිකානු ඩොලර් මිලියන 325.2 සිට 2022 දෙසැම්බර් මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 475.6 දක්වා වැඩි වී තිබේ.
Sri Lanka's Ambassador to Türkiye S. Hasanthi Urugodawatte Dissanayake paid a courtesy call on Governor of Ankara, Vasip Sahin recently and had a fruitful discussion on strengthening bilateral relations between Türkiye and Sri Lanka.
“ Inco 2023” කර්මාන්ත ප්‍රදර්ශනය පසුගියදා කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක ශාලා පරිශ්‍රයේ දී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.
A high-level delegation of the Communist Party of China (CPC) led by its International Department Vice Minister Chen Zhou will visit Sri Lanka from January 14 to 18, the first official visit of the Chinese party in 2023 and after the 20th CPC National Congress, diplomatic sources said.
මෙම වසරේ පළමු වගා කන්නය වන යල කන්නයේ බඩඉරිඟු වගා කරන ගොවීන්ට අක්කරයක් සඳහා රුපියල් 120,000ක මුදලක ආධාරයක් ලබාදීමට කටයුතු කරන බව කෘෂීකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.
පසුගිය දෙසැම්බර් මාසයේ මහා භාණ්ඩාගාරයට ආදායම් ලෙස රුපියල් බිලියන 147 ක් ලැබුණත් වියදම් සඳහා රුපියල් බිලියන 154 ක් වැය වී ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළේය.
දේශීය සම්පත්වලින් විදේශ විනිමය උපයා ගත හැකි නව ක්‍රමවේදයන් සොයා බැලීම සඳහා හොඳම සහ සුදුසුම වේදිකාව ආර්ථික අර්බුදය විසින් නිර්මාණය කර දී ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
ෙශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මුදල ලබා ගැනීම සඳහා උපරිම සහාය ලබා දෙන බවත් ණය සහ මූල්‍ය සහන ලබා දෙමින් ණය තිරසරභාවය ශ්‍රී ලංකාවේ නැවත ඇතිකිරීම සඳහා සහාය ලබා දීමට ඉන්දියාව කැපවී සිටින බවත් ඉන්දීය රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ලිපියක් යොමු කරමින් තහවුරු කර ඇත.
ඉන්ධන බෙදා හැරීමේදී ජාතික ඉන්ධන අවසරපත් ක්‍රමය අනුගමනය නොකරන ඉන්ධන පිරවුම්හල් ගණනාවක සේවය අත්හිටුවීමට ඊයේ තීරණය කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි.
ශ්‍රී ලංකාව වැනි කුඩා ආර්ථිකයන් පවතින රටවල ආර්ථිකය යථාවත් කිරීමට කටයුතු කිරීමේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ අනෙකුත් බහුපාර්ශ්වික ණය දෙන ආයතනවල සැලකිය යුතු මැදිහත්වීමක් අවශ්‍ය බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කරයි.
ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ගුවන් තොටුපළකින් හෝ වරායකින් පිටත්ව යන පුද්ගලයින් විසින් ගෙවිය යුතු අපගමන බද්ද සම්බන්ධයෙන් නව නිවේදනයක් නිකුත් කර තිබේ.
ගාල්ල නගරයේ උසස් තත්ත්වයේ ලාංකීය තේ නිෂ්පාදකයින් වෙනුවෙන් වෙන්වුණු Ministry Of Tea නම් තේ නිෂ්පාදන අලෙවිය වෙනුවෙන් වෙන් වූ පරිශ්‍රය ජනතා අයිතියට පත්කිරීමේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
රටේ ජනාධිපතිවරයාගේ සිට සියලු අමාත්‍යවරුන්, මන්ත්‍රීවරුන් මෙන්ම නිලධාරීන්ගෙන් මූල්‍ය නොවන ප්‍රතිලාභ සඳහා අයවිය යුතු බදු (Tax on non-cash benefits) නිසි පරිදි අයකර ගැනීමට ක්‍රමවේදයක් ක්‍රියාත්මක විය යුතු බව රජයේ මුදල් පිළිබද කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පසුගියදා අවධාරණය කළේය.
ආයෝජන මණ්ඩලය සහ අපනයන සංවර්ධන මණ්ඩලය වෙනුවට නව නියෝජිතායතනයක් පිහිටුවීමට සැලසුම් කර තිබේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් හා සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර සාකච්ඡාවක් සිදුව තිබෙනවා.
ශ්‍රී ලංකා මුහුදු ප්‍රදේශයේ තෙල් සහ ගෑස් ගවේෂණය සහ ආයෝජනයන් ලබා ගැනීම පිළිබඳව නීතිමය රෙගුලාසි නිකුත් කෙරේ
Page 85 of 274