Tuesday, May 13, 2025
Follow Us
ඩොලරය පහත වැටීමෙන් වාහන මිල වෙනස් වෙයි ද?

අමෙරිකානු ඩොලරයේ අගය පහත වැටුනද වාහන මිල ගණන් අඩු නොවන බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

 එහි සභාපති ඉන්දික සම්පත් මෙරින්චිගේ පැවසුවේ වාහන ආනයනය කිරීමට අවසර ලබා නොදුනහොත් වාහන මිල ගණන් තවදුරටත් ඉහළ යනු ඇති බවයි.

 භාවිත කළ ඇතැම් වාහන අලෙවිය ඉහළ ගොස් ඇති බවත් ඒ අනුව ඒවායේ මිල ගණන්ද ඉහළ ගොස් ඇති බවත් වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් පෙන්වා දෙයි.

Aruna