Saturday, August 16, 2025
Follow Us
දරුවන්ට හා කාන්තාවන්ට හිංසනයෙන් තොර සුරක්‍ෂිත ගමනාන්තයක් ලබාදීමට  නව තාක්ෂණය
ප්රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්යංශය යටතේ ක්රියාත්මක, ප්රවාහන සේවා සපයනු ලබන හා මෙහෙයුම් ආයතන ප්රධානීන්ගේ ප්රගති සමාලෝචන රැස්වීම අද (15) ප්රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්ය සහ ශ්රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක බිමල් රත්නායක මහතාගේ ප්රධානත්වයෙන් බත්තරමුල්ල, කොස්වත්ත පිහිටි මහාමාර්ග අමාත්යංශයේ දී පැවැත්විණ.

එහිදී රජයේ ඩිජිටල්කරණ වැඩපිළිවෙළට සමාන්තරව ප්රවාහන සේවාව සඳහා නවීන තාක්ෂණය යොදා ගනිමින් ආරක්ෂිත, කාර්යක්ෂම, විධිමත් ප්රවාහන සේවාවක් රට තුළ ස්ථාපිත කිරීමට ආයතන මට්ටමේ යාන්ත්රණයක් සැකසීමේ අවශ්යතාව අමාත්යවරයා පෙන්වා දුන්නේ ය. මෙහිදී ප්රවාහන ක්ෂේත්රයට අදාල ඩිජිටල්කරණ ක්රියාවලිය නියමිත කාල රාමුවකට සකස් කිරීම, මහජන පැමිණිලි සඳහා කඩිනම් ප්රතිචාර ක්රමවේදයක් සැකසීම, විද්යුත් ගෙවීම් ක්රමවත් කිරීම, බස් සමාගම් පිහිටුවීම, නව බස් රථ ධාවනයට එක් කිරීම සහ ටෙන්ඩර් ක්රමවේදය විධිමත් කිරීම, GPS සහ AI තාක්ෂණය යොදාගැනීම ඇතුලු ක්ෂේත්ර රැසක් සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡාවට බදුන් විය.