Friday, August 15, 2025
Follow Us
සේවයෙන් ඉවත් කර තිබු නන්දිමිත්‍ර ටග් යාත්‍රාව අලුත්වැඩියාව කඩිනම් කෙරේ

අලුත්වැඩියා කටයුතු වෙනුවෙන් සේවයෙන් ඉවත් කර තිබු නන්දිමිත්‍ර ටග් යාත්‍රාවේ අලුත්වැඩියා ක‍ටයුතු කඩිනම් කර සේවයට එක් කිරීමට එහි කළමනාකාරීත්වය කටයුතු කර තිබේ.

ප්‍රවාහන,මහාමාර්ග,වරාය සහ සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතාගේ මැදිහත් වීමමෙන් වසර තුනකට වඩා කාලයක් සේවයෙන් ඉවත් කර තිබු මෙම යාත්‍රාව අලුත්වැඩියාවට යොමු කර ඇත.

වරායේ ක්‍රියාකාරීත්වයට ඉතා වැදගත් අංශයක් ලෙස ටග් යාත්‍රා මෙහෙයුම් අංශය සැලකේ. වරාය සීමාව තුළට පැමිණෙන නැව් වරාය තුලට ගෙන ඒම සහ වරායෙන් මුහුදු සීමාවට රැගෙන යාමට ටග් යාත්‍රා මහඟු සේවාවක් ඉටු කරයි. මෙම සේවාව ශ්‍රී ලංකා වරාය අධිකාරිය මඟින් සහ පෞද්ගලික අංශය මඟින් සපයනු ලැබේ. 2004 වසරින් පසුව ශ්‍රී ලංකා වරාය අධිකාරිය වෙනුවෙන් නව ටග් යාත්‍රා මිලදී ගෙන නොමැති අතර පවතින යාත්‍රා අබලන් වීම හේතුවෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරියට තරඟකාරී සේවාවක් සැපයීමට අපහසු විය. නිසි නඩත්තු කටයුතු සිදු නොවීම හේතුවෙන් පවතින ටග් යාත්‍රා ද ක්‍රමයෙන් අබලන්ව පැවතිණි. 

සේවක මහතුන්ගේ සහ වෘත්තීය සමිති නියෝජිතයින්ගේ ආරාධනයෙන් පසුගියදා  වරාය සහ සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා එහි ස්ථානීය පරීක්ෂණයකට ද සහභාගී විය.