බලශක්ති අමාත්ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා සහ ශ්රී ලංකාවේ ඕමාන තානාපති අහමඩ් අලි සයීද් අල් රාශිඩ් (Ahmed Ali Said Al Rashid) මහතා අතර හමුවක් බලශක්ති අමාත්යංශයේදී ඊයේ (14) පැවැත්විණි.
මෙහිදී දෙරට අතර බලශක්ති ක්ෂේත්රයේ ද්විපාර්ශවික සබදතා තර කරගැනීම පිළිබදව අවධානය යොමුකරමින් කලාපයේ බලශක්ති අවශ්යතා සපුරාලීම සහ ක්ෂේත්රයේ නව ප්රවණතා මෙන්ම ගෝලීය අර්බුද අවස්ථාවන් වල එක්ව කටයුතු කරමින් එ්වා විසදාගැනීමට ගතහැකි ක්රියාමාර්ග ගැනද සාකච්ඡා කෙරිණි.