Monday, July 01, 2024
Follow Us
හිරුණිකාට බරපතළ වැඩ සහිතව සිර දඬුවමක්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අධිකරණය මගින් වරදකරු කෙරුණි.

ඇයට බරපතල වැඩ සහිත වසර 03 ක සිර දඩුවම් නියම කිරීමට කොළඹ මහාධිකරණය අද (28) තීන්දු කළේය.

ඒ, දෙමටගොඩ ප්‍රදේශයේ වෙළෙඳසැලක සේවය කළ තරුණයකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තැබීමේ චෝදනාව සම්බන්ධයෙන් වරදකරු කරමිනි.

මෙම චෝදනා සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වරදකරු කෙරුණු අතර ඇයට බරපතල වැඩ සහිත සිර දඩුවම් නියම කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණ රාජා මහතා නියෝග කළේය.

Dinamina