Wednesday, July 03, 2024
Follow Us
තෙල් මිල යළිත් පහළට

මාර්තු මස 31දා වන විට රුපි­යල් 371ක්වූ ඔක්ටේන් 92 පෙට්‍රල් ලීට­ර­යක මිල අප්‍රේල් මාසයේ රුපි­යල් 03කින්ද, මැයි මස මිල සංශෝ­ධ­න­යේදී රුපි­යල් මැයි මස 13කින්ද, ජුනි මස මිල සංශෝ­ධ­න­යේදී 11කින්ද වශ­යෙන් පසු­ගිය මාස 04තුළ රුපි­යල් 27කින් අඩුවී ඇත.

මාර්තු මාසයේ රුපි­යල් 448කට පැවැති ඔක්ටේන් 95 පෙට්‍රල් ලීට­ර­යක මිල මාර්තු මාසයේ මිල සංශෝ­ධ­න­යේදී රුපි­යල් 07කින්ද, අප්‍රේල් මස මිල සංශෝ­ධ­න­යේදී රුපි­යල් 20කින්ද අඩුවූ අතර මැයි මස මිල සංශෝ­ධ­න­යේදී වෙන­සක් නොවිය. ජුනි මාසයේ මිල සංශෝ­ධ­න­යේදි රුපි­යල් 41කින්ද මිල අඅඩු කර ඇත. ඒඅ­නුව පසු­ගිය මාස හතර තුළදී ඔක්ටේන් 95 පෙට්‍රල් ලීට­ර­යක මිල රුපි­යල් 68කින් අඩුවී තිබේ.

මාර්තු මාසයේ මිල සංශෝ­ධ­නය වන විට රුපි­යල් 363ක් වූ සුදු ඩීසල් මිල අප්‍රේල් මිල සංශෝ­ධ­න­යේදී රුපි­යල් 03කින්ද, අප්‍රේල් මාසයේ මිල සංශෝ­ධ­න­යේදී රුපි­යල් 16කින්ද අඩු­විය. ජුනි මාසයේ මිල සංශෝ­ධ­න­යේදී එහි මිල සංශෝ­ධ­න­යක් සිදුව නැත. ඒ අනුව මාස හතර තුළ මිල සංශෝ­ධ­න­යේදී සුදු ඩීසල් රුපි­යල් 19කින් අඩුවී ඇත.

මාර්තු මස මිල සංශෝ­ධ­නය වන විට 458ක්ව පැවැති සුපිරි ඩීසල් මිල මාර්තු සං‍ශෝධ­න­යේදී රුපි­යල් 72කින් අඩුවූ අතර එය අප්‍රේල් මස මිල සංශෝ­ධ­න­යේදී රුපි­යල් 09කින් අඩු­විය. ජුනි මාස­යට අදාළ සංශෝ­ධ­න­යේදී තවත් රුපි­යල් 22කින් මිල අඩු­විය. ඒ අනුව ගෙවී ගිය මාස හතර තුළ සිදුවූ මිල සංශෝ­ධ­න­ව­ලදී සුපිරි ඩීසල් මිල රුපි­යල් 116කින් අඩු­විය.

449523747 1038202274532974 1949887703030542641 n