Wednesday, July 03, 2024
Follow Us
ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය අගමැති ප්‍රධානත්වයෙන් ඇරඹෙයි

මැණික් සහ ස්වර්ණාභරණ ලෝකයේ විශිෂ්ඨ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ප්‍රථමවරට රත්නපුර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය පසුගියදා (29) අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ  ප්‍රධානත්වයෙන් රත්නපුර ලෙල්ලුපිටිය දී ඇරඹිණ.

ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය, අනෙකුත් රාජ්‍ය ආයතන හා මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ ආයතන හා සංගම්වල සහයෝගීතාවයෙන් යුතුව සංවිධාන කළ මෙම ප්‍රදර්ශනයට දේශීය සහ ජාත්‍යන්තර ප්‍රදර්ශන කුටි අසූවකට අධික ප්‍රමාණයක් එක්ව තිබිණි. 

එමෙන්ම මෙම ප්‍රදර්ශනය සඳහා චිනය, ඉන්දියාව, තායිලන්තය, වියට්නාමය, සිංගප්පූරුව, මැලේසියාව ඇතුළු රටවල රැසක ගැනුම්කරුවන් ඇතුළු විදේශ දූත පිරිස් එක්ව සිටියහ.

මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ, සබරගමුව පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක, ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා ඇතුළු සම්භාවනීයන් රැසකගේ සහභාගිත්වයෙනි.