Sunday, April 28, 2024
Follow Us
ට්‍රෙන්ඩ් එකට කැමති අයට එලිෆන්ට් පෑන්ට්

නව වසරක උදාවත් සමඟ ජීවිතේ තවත් වගකීම් වැඩි වුණා නේද? අලුත් බලාපොරොත්තු, ඉලක්ක එක්ක යන ගමන බොහොම වෙහෙසකාරී විය හැකියි.

ගතට මෙන්ම හිතටද වෙහෙසකාරී මේ ගමනේදී නිරන්තරයෙන්ම පුංචි වෙනසක් තිබිය යුතුයි. ඒ සඳහා ඔබ අඳින පලඳින විදිහේ ද වෙනසක් ඇති කරගන්න. එවිට ඔබ යන මේ ගමන හරිම සැහැල්ලුවෙන් ගිය හැකියි. නිදහස් මනසකින් ඔබේ ඉලක්ක කරාද ළඟා විය හැකියි.

තව පැත්තකින් පුංචි වෙනසකටත් එක්ක ඔබේ ඇඳුම් ඔබම මසා ගන්න. එය ඔබේ සාර්ථකත්වයට අත්වැලක්වනු නොඅනුමානයි.

මේ එලිෆන්ට් පෑන්ට් කලිසමකි. විවේකී මොහොතක මසා ගැනීමට ඔබත් උත්සාහ කරන්න.

මේ සඳහා අවශ්‍ය මිමි:-

ඉණවට අඟල් 30

ගොල්ෆි උස අඟල් 10

උස අඟල් 38

එලිෆන්ට් පෑන්ට් එක සඳහා ඉණ ඉලාස්ටික්කර ඇත. එය පතරොමෙන්ම නවා මසා ඇති අතර ඒ සඳහා ඉඩ තබාගත යුතුයි .

රෙදි කොටස බලවාටියට නවා ගන්න. අඟල් 1/2ක් මැහුම් වාසි තබා ඉලාස්ටික් සඳහා අඟල් 1 1/2 ක් හෝ 2ක් වෙන්කර ඉණ රේඛාව අඳින්න. ඉණ රේඛාවේ සිට පහතට ගොල්ෆි උස හා සම්පූර්ණ උස පහත්කර හරහට රේඛා අඳින්න. වාටිය සඳහා අඟල් 1 1/2ක් තබා ගන්න. බලවාටියේ සිට ඉණ රේඛාවේ අඟල් 2 1/2ක් ලකුණු කරන්න. එය AB වේ.

බලවාටියේ සිට ගොල්ෆි රේඛාවේ හරහට අඟල් 1 1/2 ක් ලකුණු කරන්න. එය CD වේ. DB යා කරන්න.

ඉණවට ප්‍රමාණය හතරෙන් බෙදා රැලි සඳහා අඟල් 2ත් 3 ත් අතර එකතු කරන්න. එය BF වේ.

F සිට වාටිය රේඛාවට කෙළින් ඉරක් අඳින්න. එය FG වේ. අඟල් 1ක් හෝ 1 1/2 ක් ඇතුළටකර හැඩකර අඳින්න.

D සිට ගොල්ෆි වක්‍රය අඟල් 1 1/2ක් අඳින්න. ගොල්ෆි වක්‍රයේ සිට වාටිය රේඛාවේ අඟල් 1ක් ලකුණුකර අඳින්න. මැහුම් වාසි තබා

පොකට් එක ලකුණු කරන්නේ නම් F සිට ඇතුළට අඟල් 1ත් 2ත් අතර මිම්මක් ලකුණු කරන්න. එය FJ වේ. F සිට පහතට අඟල් 4ත් 5ක් ලකුණු කරන්න. එය FK වේ. KJ යාකර සාක්කුකට අඳින්න.

පසුපස

පසුපස සඳහා ද රෙදි කොටස නවා ගන්න. ඉදිරිපස පතරොම ඒ උඩින් තබන්න. ඉදිරිපස ගොල්ෆි රේඛාවෙන් අඟල් 2ක් වැඩි කරන්න. වාටිය නැම්ම රේඛාවෙන් අඟල් 1ක් වැඩි කරන්න. එම ලක්ෂ්‍යය යා කරන්න. ඉතිරි කොටස් ඉදිරිපස ප්‍රමාණයට කපාගන්න.

මෙලෙසින් මසාගන්න.

* පොකට් සඳහා වෙනම රෙදි කොටසක් කපා එය හොඳපිටින් තබා සාක්කු කටෙන් මසා ඇතුළට පෙරළා

ගත යුතුයි. පසුව පොකට් එක සාදා ගන්න.

* ගොල්ෆිය මසන්න. ඉදිරිපස හා පසුපස

* අංශය මසන්න. * ඉණ ඉලාස්ටික් කිරීම

සඳහා නවා මසා ඉලාස්ටික් යොදාගන්න.

* වාටිය මසන්න.

 

Tharunie