Saturday, April 27, 2024
Follow Us
ලස්සන වස්සන නත්තල් අසිරිය අඩුම වියදමින් ෙගදර සරසමු

දෙසැම්බර් මාසයම ගෙවෙන්නේ නත්තලේ අසිරියත් සමඟිනි. ඒ අසිරිය කැන්දාගෙන එන්නට ජාති ආගම් භේදයක් නැති තරම්. නත්තල් ගස පවා කිතුනු බැතිමතුන්ට පමණක් සීමා නොවෙන්නෙත් ඒ නිසයි.

බලන්නකෝ මේ නත්තල් සැරසිලි දිහාව. හරිම සරලයි, හැබැයි ලස්සනයි. පුංචි වෙලාවක් ගත කරලා නිම කර ගන්නටත් පුළුවනි. සාමාන්‍යයෙන් නත්තල් සැරසිලි නිර්මාණය වෙන්නේ නත්තලටම ආවේණික රතු, සුදු, කොළ පැහැයන්ගෙන්.

නිවෙසට ඇතුළු වන තැන ප්‍රධාන දොරේ හෝලි වළල්ලක් එල්ලන්න පුළුවන්. නත්තල් සීයාගේ බෝ එක, සපත්තුව ..මේ නත්තල් සැරසිලි බිත්තිවල ගැළපෙන අන්දමින් එල්ලා තැබිය හැකි දේවල්. නත්තල් ගසේ තැනින් තැන එල්ලන්නත් පුළුවන්.

නත්තලේ රසකැවිලි බහාලන්නට පුළුවන් හරිම හුරුබුහුටි බෑග් එකකුත් මේ නිර්මාණ අතරට එක්වෙලා තියෙනවා. පුංචි දරුවෝ වගේම යෞවනියන්ගේ සිත් මේ කරා ඇදී යාවී.

මේ නිර්මාණ සඳහා ගොරෝසු නූලෙන් කළ නෙට් රෙදි උපයෝගි කරගෙන තිබෙනවා.ඒ රතු සහ රත්තරන් පැහැයෙන් නිම වූ ඒවා. නත්තල් සීයාගේ මුහුණ, පොයින්ට්සෙටියා මල්, නත්තල් සීනූව, හෝලි කොළ, බීඩ්ස්, රිබන් එක්කර ගැනීමෙන් නත්තල් සැරසිලි වඩාත් සිත් ළගන්නා සුලු ඒවා බවට පත්වෙලා.

නත්තලේදී නිවෙස හැඩ ගන්වන්නට අදහස් කිහිපයක් මේ ඔස්සේ ලබා ගෙන ඔබේ නැවුම් අදහස් ද ඊට කැටි කරගනිමින් මෙවර නත්තල හැඩ වැඩ ගන්වාවි කියා අපි හිතනවා.