Thursday, May 02, 2024
Follow Us
පොයින්ට්සෙටියා මලින් සැදුණු හරි ලස්සන නත්තල් මල්

නත්තල් සීතල දැනටමත් දැනෙන්න පටන් අරන්. නත්තලටම ආවේණික සැරසිලි, කෑම බීම ඇතුළු බොහොමයක් දේ අපේ ජීවිතවලට බද්ධ වෙන්නේ ආගම් භේදයකින් තොරවමයි.

ඒ සඳහා වන සූදානමට කිතුනු බැතිමතුන් මෙන්ම අන් ආගමිකයින් පවා දක්වන්නේ පුදුමාකාර ලොල් බවක්.

සිංහල අලුත් අවුරුද්දෙදි වගේම නත්තලේදීත් ගෘහිණිය කාර්ය බහුලයි. නත්තලේදී නිවෙස අලංකෘත කරන නිර්මාණ කල්තියාම සූදානම් කරගෙන සිටීම පහසුවක්.

ඉතින් අද අපි මේ ගෙන එන්නේ සිත් ළගන්නා සුලු විචිත්‍රවත් මල් සැකසුම් කිහිපයක්. නත්තලටම ආවේණික මේ මල් සැකසුම් නිර්මාණය සඳහා අවශ්‍ය වන්නේ හරිම සරල අමුද්‍රව්‍ය කිහිපයක් පමණි. අවශ්‍ය වන්නේ ඔබේ නිර්මාණශීලි දෑත පමණයි. පොයින්ට්සෙටියා මල නත්තලටම ආවේණික වූවක්. ඒ නිසා නත්තලේදී කරනා සැරසිලිවලට පොයින්ට්සෙටියා මල නැතිවම බැහැ.

පෙති පහක මලක් වන මෙය නිම කරන්න බොහෝ දුරට ගන්නේ ෆෙල්ට් රෙද්ද. මලක ආකෘතියක් කපාගෙන එහි පෙති අතරට වෙන්වෙන්ව කැපූ පෙති උඩින් එකතු කරන්න පුළුවන්. මෙහිදී ඒ පෙති මැද්දෙන් තරමක් රැලි කරලයි එකතු කරන්නේ. මලේ මැද්දට රේණු ⁣සකසා ගත යුතුයි. අවශ්‍ය කෙනකුට පබළු එකතු කරන්නත් පුළුවන්.

සුදුපැහැති මල් නිම කර ඇත්තේ සිල්ක් රෙද්දකිනි.

නත්තලටම ආවේණික රතු, සුදු පැහැය වගේම කොළ පැහැය මේ මල් සැකසුම්වල දක්නට ලැබේවී.

මේ මල් සැකසුම් සඳහා එකතු කරගෙන ඇත්තේ එකකට එකක් වෙනස් බඳුන්. වේවැල් කූඩ, මැටි බඳුන්, සෙරමික් බඳුන් වගේම පොප්සිගල් ස්ටික්වලින් සාදා ගන්නා බඳුන් (ඡායාරූපයේ පෙනෙන පරිදි) ඒ අතර වේ.

මලින් පිරුණු බෝලය සාදා ගැනීමට රෙජීෆෝම් එකක් අවශ්‍ය වේ. ඒ බෝලය වටේටම සිල්වර් පැහැති ස්ප්‍රේ ආලේප කර සාදාගත් මල් හිඩැසක් නොපෙනෙන තරමට ගසා ගන්න. මෙයත් නත්තල සරසන හරි අපූරූ මල් සැකසුමකි.