Thursday, May 02, 2024
Follow Us
ගෙතුම් කලාවෙන් වතුර බෝතලයට කවරයක්

ඔබ කාර්යාලයට ගෙන යන වතුර බෝතලයට හෝ පුංචි දුව පුතා පාසලට, පන්තියට ගෙන යන වතුර බෝතලයට නවතාවයක් එක්කළ හැකි නිර්මාණයකි මේ.

ගෙතුම් කලාවට ළබැඳි ආදරණීය ඔබටයි මේ අපූරු නිර්මාණය.

මේ සඳහා අවශ්‍ය වන්නේ

* පාට කිහිපයක වුල්

* මිලිමීටර් 4 ගෙතුම් කටුවක්

* බොත්තම්

* පබළු හෝ මුතු ඇට දෙකක්

නිර්මාණය කිරීම

මුලින්ම නිර්මාණය කරන්නට පෙර නූලේ කෙළවර ගැටයක් ගසා ගත යුතුයි. දැන් ඔබට පළමු ඡායාරූපයෙන් පෙනෙන පරිදි දම්වැල් හතරක් ගොතා එය එකට අමුණා රවුමක් සේ සකසා ගන්න. දම්වැල් දෙකක් ඉහළට ගොතා එයට පිරවුම් 15ක් ගොතා රවුම මූට්ටු කරගන්න.

2 රූප සටහනේ පරිදි දම්වැල් දෙකක් ඉහළට ගොතා දෙපස පිරවුම් එකක් දෙකක් රටාවකට අනුව දමමින් රාමුව පුරවාගන්න. මෙලෙස මීළඟ රවුම ද ගොතා ගන්න. හතරවැනි රවුම ලෙස දම්වැල් දෙකකට දෙපස පිරවුම් දෙක බැගින් යොදන්න. මුළු රවුමටම මෙම රටාව යොදාගන්න.

3 රූප සටහනට අනුව එක දම්වැලක් ඉහළට ගොතා රවුමේ දෙපසට පිරවුම අතරින් කටුව යවා දෙපස පිරවුම් ගොතන්න.

4 රූප සටහනේ පරිදි මෙම ආකාරයට රවුම වටේම ගොතා සම්පූර්ණ කරගන්න. එමඟින් කවරයේ අඩිය සකසා ගත හැකියි.

5 රූප සටහනේ පරිදි පේළි සඳහා දම්වැල් තුනක් ඉහළට ගොතා පෙර පේළියේ දෙපසට පිරවුම් අතරින් කටුව යන දෙපට පිරවුම් යොදාගන්න. මෙහිදී කටුව එන දෙපසට පිරවුමකින් ඉදිරිපසින් ද අනෙක් ගෙතුම පිටුපසින් ද යොදන්න.

6 රූපසටහනෙන් පෙන්වනු ලබන්නේ ඉදිරිපස පැන්නුමයි.

7 රූපසටහනින් පෙන්වන ලබන්නේ පිටුපස පැන්නුම. මුළු රවුමම මෙම රටාවෙන් සම්පූර්ණ කරගන්න.

8 වැනි රූපසටහනෙන් පෙන්වනු ලබන්නේ කොළ වර්ණයෙන් අමුණා පේළි තුනක් ගොතා ගන්නා ආකාරයයි.

9 රූප සටහනේ පරිදි නැවතත් රතු වර්ණයෙන් පෙර කියූ රටාවෙන්ම පේළි තුනක් ගොතන්න.

10 වැනි රූප සටහනේ පෙනෙන පරිදි දම්පාටින් පෙර රටාවෙන්ම පේළි තුනක් ගොතන්න.

11 වැනි රූපයෙන් පෙනෙන්නේ රතුපාට වර්ණ රටාවෙන් පෙර පරිදිම පේළි තුනක් ගොතන ආකාරයයි.

12 මීළඟට නැවතත් දම්පාටින් එම රටාවෙන්ම පේළි තුනක් ගොතන්න.

13 නැවතත් රතු පාටින් අප පෙන්වා දී ඇති රටාවෙන්ම පේළි තුනක් ගොතන්න.

14 වැනි රූප සටහනේ පරිදි කොළපාටින් ඉහත රටාවෙන් පේළි තුනක් ගොතන්න.

15 වැනි රූප සටහනේ පරිදි දම්පාටින් තනිපට පිරවුමෙන් පේළියක් ගොතන්න.

16 වැනි රූපසටහනේ පරිදි ඔබ ගොතාගත් රවුම අවසන්වන තැන සිට දම්වැල් 50ක් ගොතා කවරයේ අනෙක් කෙළවරට පැන්නුම් ගෙතුමකින් සම්බන්ධ කරගන්න.

17 රූපය පරිදි මූට්ටුකර දම්වැලට ඊළඟ දම්වැල සඳහා කටුව ගෙන එහි සිට එම දම්වැල් 50ක් තනිපට පිරවුමෙන් පුරවා ගන්න.

18 ඡායාරූපයේ පෙනෙන පරිදි පටිය ගොතා ගැනීමට දම්පාට නූලෙන් දම්වැල් 100ක් ගොතා කවරේ කරට ඉඳිකටුවකින් අමුණා ගන්න. දම්වැලේ දෙකෙළවරට මුතු ඇට දෙකක් හෝ පබළු දෙකක් අමුණා ගන්න. කවරයට ද බොත්තමක් අමුණා ගන්න

 

.19 59

 

-Tharunie