Thursday, May 02, 2024
Follow Us
තරුණ දියණියට කාර්යාලයට යන්න බ්ලවුසයක්

අසුරු සැණින් විලාසිතා මැවෙන කාලයකි මේ. එහෙත් මේ දවස්වල ඒ හීනයට ඔබේ මුදල් පසුම්බිය හරස් වී ඇති. මැහුමට ගෙතුමට දක්ෂ ඔබට නම් එය ගැටලුවක් නොවේවි. ඔබට හැමදාමත් ළෙන්ගතු තරුණී මේ ගෙන එන්නේ නවීන විලාසිතාවේ බ්ලව්සයකි. මල් මුද්‍රිත රෙද්දකින් මසා ගන්නේ නම් එහි වැඩි අලංකාරයක් පෙනේවි.

මේ සඳහා අවශ්‍ය මිමි:-

* උරහිස අඟල් 16 1/2

* කරවට අඟල් 15

* ඉණ දක්වා උස අඟල් 15

* උස අඟල් 23

* පපුව වට අඟල් 37

* ඉණ වට අඟල් 34

* අත උස අඟල් 12

* කැප් උස අඟල් 5

* අත අග වට අඟල් 9

* පතරොමේ අත්කට අඟල් 12

බ්ලව්සය නිර්මාණය සඳහා ඔබට කැමැති රෙදි වර්ගයක් තෝරාගත හැක. සරල බ්ලවුසය නිර්මාණය සඳහා රෙද්ෙද්ම ඇඳ කැපිය හැක.

පතරොම සාදා ගැනීම සඳහා බලවාටියට තබාගන්න. බලවාටියෙ සිට අඟල් 2 ක් තබා නැම්ම රේඛාව අඳින්න. ඉහළින් හරහට රේඛාවක් අඳින්න එය උරහිස රේඛාවයි. උරහිස මිම්ම දෙකට බෙදා එම පිළිතුරට මැහුම්වාසි අඟල් 1/2 ක් එකතුකර උරහිස රේඛාවේ හරහට ලකුණු කරන්න. එය AB වේ. B සිට අඟල් 1 3/4

ක් පහත් කර A ලක්ෂ්‍යය යා කරන්න. එය AC වේ.

කරවට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුර A සිට පහතට ලකුණු කරන්න. එය AD වේ. එම පිළිතුරෙන් අඟල් 1/2ක් අඩු කර ඉතිරි ප්‍රමාණය AC රේඛාවේ හරහට ලකුණු කරන්න. එය AE වේ. DE යාකර මූලික කර අඳින්න.

E සිට පහතට ඉණ දක්වා උස හා සම්පුර්ණ උස පහත් කර හරහට රේඛා අඳින්න.

අත්කට රේඛාවට උස සෙවීම සඳහා උරහිස් ප්‍රමාණය දෙකෙන් බෙදා එම පිළිතුර A සිට පහතට ලකුණු කරන්න. එය AF වේ. හරහට ෙර්ඛාවක් අඳින්න. එය අත්කට රේඛාවයි.

අත්කට රේඛාවට දිග ලකුණු කිරීම සඳහා පපුවවට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුරට මැහුම්වාසි හා බුරුල සඳහා එකතුකර අත්කට රේඛාවේ හරහට ලකුණු කරන්න. එය FG වේ.

ඉණ වට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුරට බුරුල සඳහා හා මැහුම්වාසි එකතුකර ඉණ රේඛාවේ හරහට ලකුණු කරන්න. එය HI වේ.

උකුළ වට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුරට මැහුම්වාසි එකතුකර උකුළ රේඛාවේ හරහට ලකුණු කරන්න. එය J K වේ.

GI යාකර අංශය අඳින්න.

අත්කට වක්‍රය ඇඳීම සඳහා C සිට අත්කට රේඛාවට කෙළින් ඉරක් ඇඳ එම රේඛාවේ මැද ලක්ෂය ලකුණු කරන්න. උරහිස මිම්මෙන් අඟල් 1/2ක් අඩුකර ඉතිරි ප්‍රමාණය නැම්මේ සිට මැද ලක්ෂ්‍යය දෙසට ලකුණු කරන්න. C සිට එම ලක්ෂ්‍යය කැපීයන සේ රේඛාවක් ඇඳ අත්කට වක්‍රය අඳින්න.

අවශ්‍ය කර ගැඹුර පහත්කර කර අඳින්න. ඔබට කර පළල වැඩි කිරීමට අවශ්‍ය නම් අඟල් 1ක් හෝ අඟල් 1 1/2 ක් වැඩිකළ හැක.

ඉදිරිපස විවරය සහිත නිසා පසුපස පතරොම නැම්මට තබාගන්න. ඉදිරිපස පතරොම නැම්ෙම් සිට අඟල් 1/2ක් අඩුවෙන් තබා ගන්න. ඉදිරිපස උරහිසට සමාන්තරව අඟල් 1ක් උසින් වැඩි කරන්න. පසුපස කර ගැඹුර අඟල් 1 1/2ක් පහත්කර කර අඳින්න.

අත සඳහා අවශ්‍ය රෙදි කොටස නැම්මට තබා ගන්න. ඉහළින් රේඛාවක් අඳින්න. නැම්මේ උඩ සිට පහතට කැප් උස පහත් කරන්න. එය AB වේ. හරහට රේඛාව අඳින්න. A සිට පහතට උස පහත් කරන්න. එය AC වේ. හරහට රේඛාව අඳින්න. එය වාටිය නැම්ම රේඛාවයි. වාටිය රේඛාව සඳහා මැහුම්වාසි තබා වාටිය රේඛාව අඳින්න. පතරොමේ අත්කට ප්‍රමාණය A සිට හැඩේට ලකුණු කරන්න. එය AD වේ. එම රේඛාවේ මැද ලක්ෂ්‍යය ලකුණුකර අත්කට වක්‍රය අඳින්න. අතඅග වට ප්‍රමාණය දෙකෙන් බෙදා එම පිළිතුරට මැහුම්වාසි එකතුකර වාටිය නැම්ම රේඛාවේ හරහට ලකුණු කරන්න. එය BE වේ. ED යා කරන්න.

Tharunie