Thursday, May 02, 2024
Follow Us

කාලෙන් කාලෙට විලාසිතා ලෝකය අලුත් වෙනවා. ඕනෙම කෙනෙක් මේ විලාසිතා කරන්න ආසයි. නවීන පන්නයේ විලාසිතාවකින් හැඩවෙන්න රුචි ඔබටමයි මේ ඇඳුම් විලාසිතාව.

* උරහිස අඟල් 14 1/2

* කරවට අඟල් 13

* ඉණ දක්වා උස අඟල් 14

* උස අඟල් 24

* පපුව වට අඟල් 34

* ඉණ වට අඟල් 29

* උකුළ වට අඟල් 39

* අත උස අඟල් 18

* කැප් උස අඟල් 4

* අත අග වට අඟල් 7

* පතරොමේ අත් කට අඟල් 9

* කප් උස

අඟල් 3 1/2

බ්ලවුසය සාදා නැම්මට තබා ගන්න.

ඉහළින් හරහට රේඛාවක් අඳින්න. එය උරහිස රේඛාවයි. උරහිස මිම්ම දෙකට බෙදා එම පිළිතුරට මැහුම් වාසි අඟල් 1/2ක් එකතුකර උරහිස රේඛාවේ හරහට ලකුණු කරන්න. එය AB වේ. B සිට අඟල් 1 3/4ක් පහත් කර A ලක්ෂ්‍යට යා කරන්න. එය AC වේ.

කර වට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුර A සිට පහතට ලකුණු කරන්න. එය AD වේ. එම පිළිතුරෙන් අඟල් 1/2ක් අඩුකර ඉතිරි ප්‍රමාණය AC රේඛාවේ හරහට ලකුණු කරන්න. එය AE වේ. DE යාකර මූලික කර අඳින්න.

E සිට පහතට ඉණ දක්වා උස හා සම්පූර්ණ උස පහත්කර හරහට රේඛාව අඳින්න.

අත්කට රේඛාවට උස සෙවීම සඳහා උරහිස ප්‍රමාණය දෙකෙන් බෙදා එම පිළිතුර A සිට පහතට ලකුණු කරන්න. එය AF වේ. හරහට රේඛාවක් අඳින්න. එය අත්කට රේඛාවයි.

අත්කට රේඛාවට දිග ලකුණු කිරීම සඳිහා පපුව වට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුරට මැහුම් වාසි හා බුරුල සඳහා එකතුකර අත්කට රේඛාවේ හරහට ලකුණු කරන්න. එය FG වේ.

ඉණ වට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුරට බුරුල සඳහා හා මැහුම් වාසි එකතුකර ඉණ රේඛාවේ හරහට ලකුණු කරන්න. එය HI වේ.

උකුළ වට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුරට මැහුම්වාසි එකතුකර උකුළ රේඛාවේ හරහට ලකුණු කරන්න. එය J K වේ.

GI K යාකර අංශය අඳින්න.

අත්කට වක්‍රය ඇඳීම සඳහා C සිට අත්කට රේඛාවට කෙළින් ඉරක් ඇඳ එම රේඛාවේ මැද ලක්ෂ්‍ය ලකුණු කරන්න. උරහිස මිම්මෙන් අඟල් 1/2 අඩුකර ඉතිරි ප්‍රමාණය නැම්මේ සිට මැද ලක්ෂ්‍ය දෙසට ලකුණු කරන්න. C සිට එම ලක්ෂ්‍ය කැපී යන සේ රේඛාවක් ඇඳ අත්කට වක්‍රය අඳින්න.

පසුපස

පසුපස සඳහාද නැම්මට තබාගන්න. ඉදිරිපස පතරොම ගානට තබා ගන්න. ඉදිරිපස උරහිසට සමාන්තරව අඟල් 1ක් උසින් වැඩි කරන්න. පසුපසකර ගැඹුර අඟල් 1 1/2 ක් පහත්කර කපාගන්න.

අත

අත සඳහා රෙදි කොටස නැම්මට තබා ගන්න. ඉහළින් රේඛාවක් අඳින්න. නැම්මෙ උඩ සිට පහතට කැප් උස පහත් කරන්න. එය AB වේ. හරහට රේඛාව අඳින්න. A සිට පහතට උස පහත් කරන්න. එය AC වේ. හරහට රේඛාව අඳින්න. එය වාටිය නැම්ම රේඛාවයි. වාටිය රේඛාව සඳහා මැහුම් වාසි තබා වාටිය රේඛාව අඳින්න. පතරොමේ අත්කට ප්‍රමාණය A සිට හැඩේට ලකුණු කරන්න. එය AD වේ. එම රේඛාවේ මැද ලක්ෂ්‍ය ලකුණුකර අත්කට වක්‍රය අඳිින්න. අත අග වට ප්‍රමාණය දෙකෙන් බෙදා එම පිළිතුරට මැහුම් වාසි එකතුකර වාටිය රේඛාවේ හරහට ලකුණු කරන්න. එය B E වේ. ED යා කරන්න.

අත අගට කප් එක යොදන්නෙ නම් අතේ උසින් එම උස අඩුකර අත සාදා ගන්න. කප් එක සඳහා අවශ්‍ය උසට හා අත අග මිම්මේ දිගට මැහුම් වාසි එකතුකර ගන්න. අවශ්‍ය උස මෙන් දෙගුණයකට රෙදි කපාගන්න.

කරට ඇති බෑන්ඩ් කොටස සඳහා බයස් පටියක් භාවිත කරන්න. එය ත්‍රිකෝණාකාරව තව අඟල් 1 1/2 පමණ වන ලෙස කරවට ප්‍රමාණය මැන එම ප්‍රමාණය දිගද ගන්න.

මෙන්න මේ ආකාරයට මසා ගන්න.

* උරහිස මසන්න.

* අත අල්ලාගන්න.

* කරට බයස් පටිය අල්ලාගන්න.

* අංශය මසන්න.

* වාටිය මසන්න.

-----------------

ඇඳුමක් මහන්න රෙදි වර්ග තෝරා ගැනීමත් අපූරු කලාවක්

අප කරන විලාසිතාවන් අනුව තෝරාගත යුතු රෙදි වර්ග වෙනස් වේ. එම විලාසිතාවට ගැළපෙන අයුරින් රෙදි තේරීම තුළින් එම නිර්මාණය නිසියාකාරව නිම කළ හැක. ඇඳුම් සඳහා භාවිත කළ හැකි රෙදි වර්ගද බොහොමයක් ඇත. සෑම රෙදි වර්ගයකින්ම සෑම මොස්තරයක්ම කළ නොහැක.

අප නිතර භාවිත කරන මෙන්ම බොහෝ දෙනෙක් අඳුරන රෙදි වර්ගයකි විස්කොස් මෙම රෙදි වර්ගය බොහෝ නිර්මාණ සඳහා භාවිත කළ හැකි රෙදි වර්ගයකි. එමෙන්ම විශ්කොස්වල රෙදි වර්ගයන් ඇත. එය ගැළපෙන ලෙස ඇඳුමට ඔබ තෝරා ගත යුතුයි.

බ්ලව්ස්

ගවුම්

ස්කර්ට්

එලිෆන්ට් ෆෑන්

කියුලට්

මේ සියලුම ඇඳුම් වර්ග සඳහා විස්කොස් තෝරා ගැනීමට හැකියාව ඇත. විස්කෝස් යනු කඩාහැලෙන බවෙන් යුතු රෙදි වර්ගයකි. ඇඳුම් කැපීමෙදි ඔබ පරෙස්සමින් කපාගත යුතුයි. නැතිනම් එල්ලා හැලීමක් සිදුවිය හැකිය. සමහර රෙදි වර්ග ඔබ තෝරා ගත්තද රෙදිවල වර්ණය යෑමක් සිදුවිය හැක. ඒ පිළිබඳවද යම් අවධානයකින් යුතුව රෙදි තෝරා ගැනීම සිදුකරන්න.

 

-Tharunie