Monday, January 05, 2026
Follow Us
රටා ගෙනෙන බෙයා

තෑග්ගක් ලෙස දෙන්න කදිම රටාවකි. නිල් පැහැය කැපී පෙනෙන ලෙසින් මේ සඳහා භාවිත කර ඇත.

සුදු පාට අයිඩා රෙදි

ටැපැස්ට්‍රි ඉඳිකටු

අවශ්‍ය වර්ණවල කපු කැරැලි නූල්

රාමුව, කතුර

මෙය අඟලට කොටු 14ක් ඇති අයිඩා රෙද්දේ මසා ගන්නේ නම් දළ වශයෙන් සෙන්ටිමීටර් 11.61x14.7 ප්‍රමාණයේ නිර්මාණයකි. අඟලට කොටු 10ක් හෝ 11ක් ඇති රෙදි භාවිත කරන්නේ නම් නිර්මාණයේ ප්‍රමාණය තව විශාල වේ.

අඟලට කොටු ප්‍රමාණය මත තෝරාගත් රෙදි වර්ගය අනුව නූල් පොටවල් ගණන තෝරා ගන්න. මෙය ඔබට කොටු ගණන්කර මසාගත හැකියි. රේඛා අදාළ වර්ණ කැරැලි නූල් පොට දෙකක් භාවිතකර ආපසු මැස්මෙන් මසා ගන්න. භාග කතිර මැස්මෙන් මැසිය යුතු කොටස් භාග කතිර මැස්මෙන් මසන්න.

උපදෙස් හා සටහන - පාලිකා දිල්රුක්ෂි

Tarunie