Friday, May 17, 2024
Follow Us
බිත්තිය හැඩකරන රෝස මල් බිත්තිය හැඩකරන රෝස මල්

7 140

අලංකාරවත් ‍කහ හා රෝස පැහැති රෝස මල් එකතුවක් බිත්ති සැරසිල්ලක් වෙනුවෙන් එක්තැන් කර ඇති අපූරුව…. ඔබටත් මේ ආදරණීය මාසයේ අගනා නිර්මාණයක් ලෙස මෙය සකසා තිළිණ කරන්නට හැකියි.

 

8 29

 

සුදු පාට අයිඩා රෙදි9 32

ටැපැස්ට්‍රි ඉඳිකටු

අවශ්‍ය වර්ණවල කපු

කැරැලි නූල්

රාමුව, කතුර

 

 

 

 

 

 

 

 

 

 

මෙය අඟලට කොටු 14ක් ඇති අයිඩා රෙද්දේ මසා ගන්නේ නම් දළ වශයෙන් සෙන්ටිමීටර් 24.86x34.29 ප්‍රමාණයේ නිර්මාණයකි. අඟලට කොටු 10ක් හෝ 11ක් ඇති රෙදි භාවිත කරන්නේ නම් නිර්මාණයේ ප්‍රමාණය තව විශාල වේ.

අඟලට කොටු ප්‍රමාණය මත තෝරාගත් රෙදි වර්ගය අනුව නූල් පොටවල් ගණන තෝරා ගන්න. මෙය ඔබට කොටු ගණන්කර මසාගත හැකියි.මෙහි භාග කතිර මැස්මෙන් මැසිය යුතු කොටස් ද ඇත. රේඛා අදාළ වර්ණ කැරැලි නූල් පොට දෙකක් භාවිතකර ආපසු මැස්මෙන් මසා ගන්න. කළු හා කහ පැහැයෙන් ඩොට් ලෙස ඇති ඒවා ප්‍රංශ ගැට මැස්මෙන් මසා ගන්න.

උපදෙස් හා සටහන - පාලිකා දිල්රුක්ෂි