Saturday, April 20, 2024
Follow Us
ආදරවන්තයින්ගේ දිනයට වැලන්ටයින් සුබ පැතුමක්

ආදරණීය සුපෙම්වතුන්ගේ සුවිශේෂී දිනය, වැලන්ටයින් දිනය තවත් නොබෝ දිනකින්ම උදාවෙනවා.

ඉතින් ඒ ආදරණීය දිනයේදී ඔහු වෙනුවෙන් අලංකාර ලෙස නිර්මාණය කළ කාඩ්පතකින් සුබ පතන්නට හැකි නම්, එය කෙතරම් අගනේ ද?

එම කාඩ්පත ඔබේ අතින්ම නිර්මාණය කළ හැකිනම් එහි වටිනාකම තවත් ඉහළයි. බලන්න, පුංචි පුංචි දේවල් ටිකක් එකතුකර මේ වගේ ලස්සන කාඩ්පතක් ඔබටත් නිර්මාණය කරන්නට පුළුවන් නේද කියා.

අවශ්‍ය දේවල්

සුදු හා රතු A4 බෝඩ්

රතු එම්බෝස් බෝඩ් කොටසක්

අඟල් 1 පළල කළු රිබන් කොටසක්

පේපර් ඩොලි එකක්

රතු ග්ලිටර් ෆෝම් ෂීට් කොටසක්

ගම්

කතුරක්

නිර්මාණය කරගන්නා ආකාරය

පළමුව සුදු A4 බෝඩ් එක ගෙන හරි මැදින් දෙකට නමා ගන්න. ඉන්පසු රතු  එම්බෝස් බෝඩ් කොටස රූපයේ පරිදි සුබ පැතුමේ ඉදිරිපසට ගැළපෙන ආකාරයට කපා ගත යුතුයි. එහිදී එම්බෝස් බෝඩ් එක ගැනීමේ කපා ගැනීමේදී සුදු බෝඩ් එකට වඩා වට ප්‍රමාණයෙන් තරමක් අඩුවෙන් කපා ගන්න. පසුව කපාගත් එම්බෝස් බෝඩ් කොටස පින්තූරයේ පෙනෙන ආකාරයට හරි මැදින් කොටස සුදු බෝඩ් එක මත අවුට් ලයින් සිටින පරිදි අලවා ගන්න.

බෝඩ් කොටස් දෙක නිර්මාණය කරගත් පසු සුදු වර්ණ පේපර් ඩොලී එක රූපයේ පරිදි කළු රිබන් එක මත හරි මැදින් අලවා ගන්න. පසුව සුදු සහ රතු රවුම් හැඩැති කොටස් දෙකක් කපා අවුට් ලයින් සිටින පරිදි පේපර් ඩොලී එක මැද අලවා ගන්න.

ඉන්පසුව ග්ලිටර් ෆෝම් ෂීට් කොටසෙන් හදවත් හැඩය කපා රූපයේ පෙනෙන ආකාරයට සුදු රවුම මැදින් අලවා ගන්න.

නැවතත් සුදු සහ රතු හදවත් හැඩ දෙකක් ලොකු සහ පොඩි ලෙස කපා එක මත එක තබා රූපයේ දැක්වෙන ආකාරයට වම් කෙළවරට වෙන්න අලවා ගන්න. ඉන්පසු ඔබ කැමැති පරිදි Happy Valentine Day යනුවෙන් කපා අලවා ගන්න. මෙම සුබ පැතුම් පත් ඉතාම සරලව පහසුවෙන් නිර්මාණය කරගත හැකියි.

උපදෙස් :

මහරගම ප්‍රාදේශීය ලේකම්

කාර්යාලයේ බාහිර උපදේශිකා

ප්‍රවීණ අත්කම් නිර්මාණ ශිල්පිණී

චූලනී ජයසිංහ

Tharunie