Thursday, March 28, 2024
Follow Us
ලස්සන සපිරි හැන්ඩ් මේඩ් පොටරි

මිතුරන්ගේ උපන් දිනයට පුදුම හිතෙන තෑග්ගක්

ඔබත් උදාවන අලුත් අවුරුද්ද පිළිගන්න ලහිලහියේ සූදානම් වනවා ඇති.

ආදරණීය ගෘහණියකට වගකීම් බොහෝයි. නිවස කල එළි කරන්න, පවුලේ සාමාජික සාමාජිකාවන්ගේ මනසික සතුට මේ වගේ කරුණු කාරණා බොහෝය. අද අපි ඔබට ගෙන එන්නේ අගනා නිර්මාණ ලංකාවේ පොටරි කීපයකි. මේවා ඉතාමත් අඩු මුදලකට වෙළෙඳපොළෙන් මිල දී ගත හැකියි. ඔබේ නිර්මාණශීලි හැකියාවට වටිනාකමක් ලබා දිය හැකියි. සැබැවින්ම මෙවැනි විස්කම් අත්කම් නිර්මාණයක් නෙත ගැටෙන කාගෙත් සිතට නැවුම් ප්‍රබෝධයක් ලැබේ. ඉතින් නිවසේ අයත් සතුටින්, ඔබත් සතුටින්. මෙම පොටරි නිර්මාණ ලස්සන පැළයක් සිටුවා ගන්න හෝ පෑන් පැන්සල් රඳවනයක් ලෙස මේසෙක තබන්නත් උචිතයි. ඔයාලගේ අතින් ම මේ වගේ නිර්මාණයක් ඉතා අඩු මුදලකට හදාගන්න පුළුවන්. ඕන කරන්නේ පොඩි දේවල් කිහිපයක් විතරයි.

 

කුඩා ප්‍රමාණයේ බඳුනක් විවිධ වර්ණයන්ගෙන් යුත් පින්තාරු තීන්ත පින්සලක්

පෝච්චියෙහි රූප ඇඳ ගැනීමට පැන්සලක් ඇඳ ගැනීමට අපහසු නම් අදාළ නිර්මාණය ප්‍රින්ට් එකක් අරගන්න.

 

මෙන්න මේ විදිහට හරිම පහසුවෙන් හදාගන්න පුළුවන්.

 

මුලින්ම මැටි පෝච්චි ගෙන ඔබට අවශ්‍ය ලෙස කැමති පරිදි නිර්මාණයක් හෝ ඔබේ තේමාවට උචිත රූපයක් පැන්සලක ආධාරයෙන් පෝච්චියේ ඇඳ ගන්න. නැතහොත් ඇඳ ගැනීමට අපහසු නම් නිර්මාණය ප්‍රින්ට් එකක් ගෙන එය යටින් පබළු කොළයක් තබා පෝච්චියේ ඇඳ ගන්න. දැන් ෆෙබ්‍රික් පින්තාරු භාවිත කරමින් පින්සලක් ආධාරයෙන් ලස්සනට එය වර්ණවත් කරගන්න. තවද ඔබට පෝච්චිය සරසා ගැනීමට මෙන්න මේ දේවල් භාවිත කරන්නත් පුළුවන්.

 

කුඩා විසිතුරු රූප ෆෝම්වලින් සාදන ලද මල්, ගොණිවලින් සදන මල්

 

සාදා ගැනීම හරිම පහසුයි නේද? නිකම්ම නිකම් කිසිදු වටිනාකමක් නොතිබූ පෝච්චියකට දැන් ලැබුණු වටිනාකම කෙතරම් අපූරුද. මෙලෙසින් උපන්දින, සංවත්සර මංගල උත්සව, පාසල් සහ උපකාරක පන්තිවලට, කාර්යාලය සරසන්න, පෙම්වතුන්ට තිළිණ කිරීමට, නව නිර්මාණ පෙළක්ම ඔබට සාදාගත හැකියි.

 

 

උපදෙස්

අත්කම් නිර්මාණ ශිල්පිනී

සුලෝචනා සෙව්වන්දි

THarunie