Thursday, March 28, 2024
Follow Us
යෞවන ලියකට ලස්සන ගවුමක්

මේ දවස්වල කොතනක ගියත් අපූරු ගවුම් විලාසිතා දක්නට ලැබෙනවා. මංගල උත්සවයකට, උපන් දින සාදයකට වගේම පුංචි පුංචි සැමරුම් සාදවලටත් ගවුමකින් හැඩවන්නට දෙපාරක් හිතන්නේ නැහැ. බලන්නකො මේ ගවුම් මෝස්තරය දෙස. ඔබේ තාරුණ්‍යයක් අපූරුවට හැඩ කරාවි.

අවශ්‍ය මිමි

පපුව දක්වා උස අඟල් 9

ඉණ දක්වා උස අඟල් 14

සම්පූර්ණ උස අඟල් 38

උරහිස අඟල් 14

පපුව වට අඟල් 34

ඉණ වට අඟල් 28

පපුව අතර පළල අඟල් 8

කරවට අඟල් 14

අත දිග අඟල් 18

අත අග අඟල් 8

 

ඇඳුම මෙලෙසින් කපා ගනිමු

මේ සඳහා තමන්ට කැමති රෙදි වර්ගයක් තෝරා ගත හැකියි. තනි පැහැති නම් වඩාත් හැඩ වේ. (එය තද පැහැය හෝ ළා පැහැය විය හැකියි) මෙය ලේස්වලින් ද මසාගත හැකියි. යටට ලයිනින් කර මසාගන්න. කඩා හැලෙන රෙදි වර්ගයක් තෝරාගන්න. මෙය වෙට්ලුක් රෙද්දකින් මැසූ විට ඉතා අලංකාර වේ.

 

අප මුලින් ඉදිරිපස කපා ගනිමු

මෙය මුලින් ලයිනින් කරන රෙද්දේ ඇඳ කඳ කොටස කපා ගන්න. ඒ අනුව පොප්ලින් රෙදි කැබැල්ලක් ගෙන එහි ඉදිරිපස ඇඳගන්නා ආකාරය ඉගෙන ගනිමු. දැන් රෙදි කැබැල්ලක් ගෙන දෙකට නමාගන්න. එය රෙද්දේ නැම්ම වේ. එහි උඩ කෙළවරේ සිට උරහිස රේඛාව ඇඳ උරහිස දෙකට බෙදා මැහුම් වාසි අඟල් 1/2ක් එකතු කරන්න. අඟල් 14/2 = අඟල් 7 + අඟල් 1/2 = අඟල් 7 1/2) ලැබෙන අඟල් 7 1/2 උරහිස් රේඛාව දිගේ ලකුණු කරන්න. එතැන් සිට අඟල් 1 1/2ක් පහත් කර උරහිස් රේඛාව ඇඳගන්න. නැවත එහි උරහිස් දිග (අඟල් 7 1/2) ලකුණු කරගන්න. කරවට හතරෙන් බෙදා කර ඉදිරි මිම්ම නැම්ම රේඛාව දිගේ පහතට ලකුණු කරගන්න. (අඟල් 14/4 = 3 1/2) කර ඉදිරි මිම්මෙන් අඟල් 1ක් අඩු කර ( අඟල් 3 1/2 - 1= අඟල් 2 1/2) එම අඟල් 2 1/2 උරහිස් රේඛාව දිගේ ලකුණු කරගන්න. එතැන් සිට පහතට උස ලකුණු කරගන්න. පපුව දක්වා උසට මැහුම් වාසි අඟල් 1/2 එකතු කරන්න. (අඟල් 9 + අඟල් 1/2 =අඟල් 9 1/2) එය පහතට ලකුණු කර පසුව දක්වා උස රේඛාව ලකුණු කරගන්න. එම ආකාරයට ඉණ උසට මැහුම් වාසි අඟල් 1/2 එකතු කර (අඟල් 14 + අඟල් 1/2 = අඟල් 14 1/2) එන අඟල් 14 1/2 ද එම ආකාරයට ලකුණු කර ඉණ රේඛාව ඇඳගන්න.

කිහිලි කට පහත් කරන රේඛාව වන රැගල් රේඛාව ඇඳීමේදී උරහිස දෙකට බෙදා අඟල් 1/2 එකතු කර (අඟල් 14/2 = අඟල් 7 +අඟල් 1/2 = අඟල් 7 1/2) නැම්ම රේඛාව දිගේ පහතට ලකුණු කර රැගල් රේඛාව ඇඳගන්න.

 

රැගල් දිග

පපුවට අඟල් 8ක් එකතු කර හතරෙන් බෙදා අඟල් 1 අඩු කර ලකුණු කර ගන්න. (අඟල් 34/8 = අඟල් 42/4= අඟල් 10 1/2- අඟල් 1= අඟල් 9 1/2) අඟල් 9 1/2 රැගල් දිග වේ.

ඉණ දිග

ඉණ වට හතරෙන් බෙදා ඩාට්වලට අඟල් 2ක් එකතු කරන්න. එයට මැහැම් වාසි අඟල් 1/2 එකතු කර ලකුණු කරන්න. එය (අඟල් 28/4 = අඟල් 7 +අඟල් 2 +අඟල් 1/2 = අඟල් 9 1/2) ඉණ දිග අඟල් 9 1/2 වේ. රැගල් දිග ඉණ දිග යා කරගන්න.

 

කිහිලි කට ලකුණු කිරීම

උරහිස කොනත් රැගල් රේඛාව අතර හරි මැද ගෙන උරහිස දිගෙන් අඟල් 1/2 අඩු කර ( අඟල් 7 1/2 - අඟල් 1/2 = අඟල් 7) ලකුණු කරගන්න. එම ලක්ෂ්‍ය දෙක යා කර රැගල් රේඛාව පහතට දිගු කර ඇඳ කිහිලි කට වක්‍ර කර ගන්න.

පපුව අතර පළල (අඟල් 8/2 = අඟල් 4) දෙකට බෙදා ඉණ දිග ලකුණු කරගන්න. එතැන් සිට පපුව දක්වා උසට රේඛාවක් ඇඳ එතැන් සිට අඟල් 1ක් පහත් කර ඩාට් එකට අඟල් 2කට අඟල් 1ක බැගින් දෙපසට ඉණ රේඛාව ලකුණු කරගන්න. 1 සටහන් පෙනෙන ආකාරයට ඩාට් එක ඇඳගන්න. අංශයට මැහුම් වාසි අඟල් 1 1/2 තබාගන්න. (සිපරය ඇල්ලීම සඳහා)

1 වැනි රූප සටහ‍ෙන් පෙනෙන ආකාරයට කඩ ඉරි දිගේ ඉදිරිපස කපාගන්න. එය 2 වැනි රූප සටහනේ පෙනෙන ආකාරයට දිග හැරගන්න. උරහිස කෙළවරේ සිට අඟල් 2 ඈත් කර කිහිලි කට සිට අඟල් 1ක් පමණ පහත් කර 2වැනි රූප සටහනේ පෙනෙන ආකාරයට උරහිස සිට කිහිලිකට දක්වා හැඩ කර ඇඳගන්න. එය කඩ ඉරි දිගේ කපාගන්න. එම ප්‍රමාණයටම පිටුපස පලුව කපාගන්න.

 

අත ලකුණු කිරීම

රෙද්දක් ගෙන දෙකට නමා නැම්ම ගන්න. (අවශ්‍ය නම් ප්ලෙයාඩ් ආකාරයට ද නමා ගත හැකියි.) එහි උඩ සිට පහත අත දිග ලකුණු කරගන්න. වාටියට මැහුම් වාසි අඟල් 1ක් තබාගන්න. උඩ නැම්මේ සිට අඟල් 4ක් පහතට කර රේඛාවක් ඇඳගන්න. එහි උරහිස මිම්ම 2ට බෙදා ලකුණු කරගන්න. (අඟල් 14/2 = අඟල් 7) අත අග ප්‍රමාණය දෙකට බෙදා මැහුම් වාසි අඟල් 1/2 එකතු කර ගන්න. අඟල් 8/2 = අඟල් 4 + අඟල් 1/2 = අඟල් 4 1/2) ලකුණු කරගන්න. අංශය යා කරගන්න.

කිහිලකට වක්‍රය ඇඳගන්න. උඩින් අත රැලි කර පෆ් කර ගැනීමට අවශ්‍ය නම් උඩට අඟල් 1 1/2ක් හෝ අඟල් 2ක් ලකුණු කර පෆ් වක්‍රය ඇඳගන්න. කර ඉදිරියේ කපාගන්න. අත දිග සටහන් පෙනෙන ආකාරයට හැඩ කරගන්න. (එය 4 සටහන් කෙළින් ඉරකින් පෙන්වා ඇත.)

 

සාය කැපීම

අවශ්‍ය උස ප්‍රමාණය අනුව අඟල් 60 හෝ අඟල් 120 පළල රෙද්දක් ගෙන උසින් දෙකට නමා ප්ලෙයාඩ් ආකාරයට නවාගන්න. ඉණට රැලි අවශ්‍ය නැතිනම් ඉණවට 3 බෙදාගන්න. ඉණට රැලි අවශ්‍ය නම් ඉණවට මෙන් 1 1/2 ගෙන 4 බෙදාගන්න. එය උඩ මුල්ල A ලක්ෂයේ සිට පහතට ලකුණු කර ඉණ වට ඇඳගන්න. එතැන් සිට සාය උස ලකුණු කර වාටිය වක්‍රය ඇඳගන්න. ඉඩ ඉරි දිගේ ඉදිරිපස ඉණ සහ වාටිය වක්‍රය කපාගන්න.

 

මෙලෙසින් මසා ගනිමු

ඉදිරිපස සහ පිටුපස පළු දෙකේ ඩාට් මසාගන්න. උරහිස මූට්ටු කර කර වටේට පේසිම තබා අල්ලා කර මසා ගන්න. දැන් එක අතක් අල්ලා ගන්න. (රූපයේ පෙනෙන ආකාරයට) අවසාන වරට අංශය සිපරය දමා මසාගන්න.

උපදෙස් -

ශ්‍රී ලංකාවේ පතරොම් රහිත ඇඳුම් මැසීම් ක්‍රමය මුල් වරට හඳුන්වා දුන්

ආචාර්ය ගීතා ද සිල්වා

Tharunie