Thursday, March 28, 2024
Follow Us
ජීවිතයම පාට කරන කොළොම්පුරේ මල් නිවහන

සතුටට, කඳුළට දෙකටම එකම විදියට අපේම කෙනෙක් නොවන යමක් එක සේ අප ළඟ හිඳී නම් සොබාදම් මෑණී හැරෙන්නට වෙන කවුරුන්ද? ඒ එතරම්ම මනරම්ය. චමත්කාරජනකය. චිත්තාකර්ෂණීය ය.

කුසුම් සොබාදමේ එවන් අපූරු නිමැවුමකි. ගෙවත්තේ මල් පාත්තියක් නොවේ නම් ආලින්දයවත් මල් බඳුනකින් සරසන්නට ගෘහණිය වග බලා ගන්නේ එනිසායි.

ස්වභාවික පැහැයෙන් නොවේ නම් කෘත්‍රිම මල් ගොමුවකින් නිවහන සරසන්නත් පතිනිය දක්වන්නේ පුදුමාකාර උනන්දුවක්. එහෙත් ඊට බරපැන හරස් වන්නට පුළුවන්.

 

අඩුම මිලට මල්

 

ඉඳින් ළං වන නත්තලට අඩුම වියදමකින් නිවෙස සරසා ගැනීම කිතුනුවන්ගේ පැතුමක්. මනරම් නත්තල් ගසක් සැකසීමෙන් පවුලේ පොඩිත්තන් විඳින සතුට අපමණයි. ඒ වුණත් මේ සෑම දෙයක්ම පාහේ තුන් ගුණයකින් මිල ඉහළ නැංවුණු කාලයක්. එය නත්තල් සැරසිලි වලටත් එය එසේමවේද?

අපි ඉකුත්දා කොළොම්තොට සැරිසැරුවේ ඒ වගතුග සොයාගෙන. කොළඹ කෙතරම් කටුක වගක් කියැවුණත් එහි එක් වීදියකදී මතු වන්නේ දෙනෙතට රසඳුනක්මයි. ඒ වෙනින් කොහෙවත් නෙවෙයි, බංගසාල වීදියයි. අපි දැන් එදෙසට හැරෙමු.

 

එක පෙළට එකම වීදියක නා නා විධ මල්ගොමු එකට දක්නට ලැබීම බංගසාල වීදියේ කෘත්‍රිම මල් වෙළෙඳසැල්වල විශේෂත්වයක්. ඒ හැරෙන්නට ස්වභාවික මල් සඳහා වර්ණ ගැළපීමේ අපහසු කාර්යභාරයත් පහසුවෙන් කරදීමට බංගසාල වීදියේ මල් ආශ්‍රිත වර්ණ ගළපන්නන් සූදානම්. කාටත් කොළඹින් පිට ගත නොහැකි තරමේ අඩු මිලකට සකස් කළ පරිපූර්ණ මල් කිනිති පමණක් නොවේ. ඊටත් වඩා අඩුවෙන් නිවෙසේ සිට ස්වයං රැකියාවක් වශයෙන් කෘත්‍රිම මල් අලෙවි කරන්නට සිහින මවන කාටත් සුභාරංචි බංගසාල වීදියෙන් ඇසෙනවා. මංගල සමයට රථ වාහන සැරසීමට මල් කලඹ නැතුවම බැහැ. උපන්දින සාද, සමුළු, උත්සව කොයිකටත් සැරසිලි ඕනෑ. එහි වැඩි ඉඩක් වෙන් වන්නේ මල්වලටයි.

 

ඇණවුම් කළවිට පිට පළාත්වලටත් යවනවා

 

තොග ඕනෑ නම් තොග. සිල්ලරටත් මල් බංගසාල වීදියේ ඕනෑ තරම්. එදිනෙදා සැරසිලි වලට අඩු මිලට මල් සොයන කාටත් බංගසාල වීදියේ කෘත්‍රිම මල් කඩවල දොරකඩට වන්නට ගොඩ ගැසූ මල් අඩුවට මිලදී ගත හැකියි. මෙකලත් ඒ එක මලක් රුපියල් 17. 50 තරම් අඩු මිලකට අලෙවි කරන බවයි බංගසාල වීදියේ මල් වෙළෙඳුන් බොහොමයක් අපිට කිවුවේ.

කාටත් කොළඹින් පිට ගත නොහැකි තරමේ අඩු මිලකට සකස් කළ පරිපූර්ණ මල් කිනිති පමණක් නොවේ. මල් කලඹක් රුපියල් 195ක් වැනි අඩු මිලකට තවම අලෙවි කරන බවත් ඒ නිසා මිල ගණන් ඉහළ යෑම පිළිබඳ දෙගෙඩියාවක් නැතිව කොළඹ බංගසාල වීදියට පැමිණෙන ලෙසත් මේ වෙළෙඳුන් ඉල්ලා සිටිනවා.

ඊටත් වඩා අඩුවෙන් නිවෙසේ සිට ස්වයං රැකියාවක් වශයෙන් කෘත්‍රිම මල් අලෙවි කරන්නට සිහින මවන කාටත් තවත් සුභාරංචි බංගසාල වීදියෙන් ඇසෙනවා. මංගල සමයට රථ වාහන සැරසීමට මල් කලඹ නැතුවම බැහැ. උපන්දින සාද, සමුළු, උත්සව කොයිකටත් සැරසිලි ඕනෑ. එහි වැඩි ඉඩක් වෙන් වන්නේ මල්වලටයි.

 

කිලෝ ගණනින් සැපයෙන මල් සැකසුම් අමුද්‍රව්‍ය

 

ඇත්තෙන්ම, මල් පෙති, නටු, කිනිති ආදිය වෙන වෙනම කිලෝ ගණනින් අඩු මිලට මෙහි කෘත්‍රිම මල් වෙළෙඳසැල්වල අලෙවි කරනවා. කෘත්‍රිම මල් වෙනුවෙන්ම වෙන්වූ පෝච්චි, එම නිෂ්පාදන සඳහා යොදා ගන්නා කම්බි ආදිය කොළඹින් අඩුම මිලට ගත හැකි එකම තැන විදියටයි හුඟ දෙනකු බංගසාල වීදිය පෙන්වා දෙන්නේ. එමෙන්ම, ඕකිඩ්, ඇන්තූරියම්, රෝස, ජර්බරාස් කවදත් වැඩි ඉල්ලුමක් ඇති මල් ලෝකේ මල් කුමාරිකාවන් කිවුවොත් නිවැරදියි. එහෙත් එය එසේ වූ පමණින් ඒවා නිතර ඉහළ මිලක් ගන්නේ නම් නැහැ.

ඒ පණිවුඩය තොග වශයෙන් මල් මිලදී ගැනීමට සිතන අයටයි. ඒ හැරෙන්නට උදාවන අලුත් අවුරුද්දට ගෙදරදොර සිරියාවට මල් සැරසිලි වලින් ලැබෙන කලඑළිය අපමණයි.

කෑම මේසයටත් නිදන කාමරයටත් නිවෙසේ උසැතිම තැනක තැනූ ආගමික ස්ථානයටත් පමණක් නෙවෙයි. නාන කාමරය ආදී තැන් වලත් නෙතට සුවදායක මල් තැන්පත් කර තබන්නට කවුරුත් කැමතියි. ඒ ඕනෑම දෙයකට සුදුසු මල් තොග පිටින්ම කොළඹින් දුරබැහැර ප්‍රදේශ වලට ගෙන්වා ගැනීමේ පහසුකමත් බංගසාල වීදියේ වෙළෙඳ ප්‍රජාව සලසා තිබෙනවා.

එසේම, දිවයින පුරා පිහිටි සංචාරක හෝටල්වල සැරසිලි සඳහා තොග පිටින් කෘත්‍රිම මල් හා ගස්වැල් වුවමනායි. ඒ ඇතුළු වෙළෙඳ ජාලයත් පිට පළාත්වල සන්නිවේදන ආයතන ආදිය අමතර වෙළෙඳ භාණ්ඩයක් විදියටත් කෘත්‍රිම මල්, ගස්වැල් බොහෝවිට තොග පිටින් ගෙන්වා ගන්නේත් කොළඹින්.

ඉරිදාත් පොහොය නිවාඩුවත් හැරෙන්නට සෙසු දිනවල උදෑසන නවයේ පටන් සවස හය පමණ වන තෙක් බංගසාල වීදියේ අලෙවි ආයතන විවෘතයි.

 

පරණ මලටත් වර්ණ ගළපා දෙනවා

 

මල්වල පාට කෙමෙන් අඩුවීම ඇතමකුට ගැටලුවක්. එසේම එහි පාට වසරින් වසර අලුත් කිරීමටත් හුඟ දෙනකු කැමතියි. මේ ගැටලුවට කදිම පිළියමක් බංගසාල වීදියේ මල් අලෙවිකරුවන් ඉදිරිපත් කරනවා. එනම් පැහැය අඩු වැඩි කරමින් වර්ණ ගළපා දීමයි. ඒ අනුව හිතේ ඇති පැහැය මල් බඳුනෙන් අපේක්ෂා කරන කාටත් ඉන් සෙත සැලසෙනවා.

මල් පිළිබඳ එවැනි සේවා සැපයීම සඳහා මේ වෙළෙඳුන් සතුව දශක පහකටත් වැඩි අත්දැකීම් සහිතයි. බොන්සායි මල් සැරසිලි මෙකල වැඩි දෙනකු ආකර්ෂණය කරගත් අංගයක්. හුරුබුහුටි බවත් වර්ණවත් ස්වරූපයත් නිසා රථ වාහන තුළටත් මේ සැරසිලි ගෙන යෑමට ගෘහණිය සේම සැමියාත් ප්‍රිය කරනවා.

මෙතරම්ම ආකර්ෂණීය කෘත්‍රිම මල් සැකසුම් ලෝකයට ඔබත් පිවිසෙන්න. ඉඳින්, කෙනකුට ස්වයං රැකියාවකුත් තවත් කෙනකුට විනෝදාංශයකුත් වන ඉන් ඊට වඩා වැඩි පිරිසකගේ නෙත් සිත් ආකර්ෂණය කර ගන්නවා සිකුරුයි.

Tharunie