Friday, April 19, 2024
Follow Us
හිම මත දඟපාන සුදු කොටියා

සුදෝ සුදු හිම මත දඟකරන සුදු කොටියා සහිත මේ නිර්මාණය බිත්ති සැරසිල්ලකට අගනා දසුනකි. රූස්ස කැළෑවක් හා දිය පහරක් අසල මිදුණු හිම මත රැඳෙමින් ඈත බලා හිඳින ආකාරය මොනතරම් ආකර්ෂණීය ද බලන්න. ඇස් නිල් පැහැයෙන් බබළන මේ සමස්ත දසුනම නිල්, අළු හා සුදු වර්ණ පරාසයක ඇඳි සිත්තමක් සිහිගන්වනයි.

අඟලට කොටු 10ක්, 11ක් හෝ 14ක් ඇති සුදු පාට

අයිඩා රෙදි

නොම්බර 24 සිට නොම්බර 26 දක්වා ටැපැස්ට්‍රි

ඉඳිකටු

අවශ්‍ය වර්ණවල කපු කැරැලි නූල්

රාමුව, කතුර

 

 

රෙද්දේ ඇති අඟලට කොටු ප්‍රමාණය අනුව මසන නිර්මාණයේ ප්‍රමාණය වෙනස් වේ. මේ නිර්මාණය අඟලට කොටු 14ක් ඇති අයිඩා රෙද්දේ මසන්නේ නම් සෙන්ටිමීටර් 45.72x34.29 කි. අඟලට කොටු 11ක් හෝ 10ක් ඇති රෙද්දේ මසන්නේ නම් නිර්මාණයේ ප්‍රමාණය තව විශාල වේ.

රාමුකර ගැනීමට වටේට ඉඩ තබා රෙදි කොටස කපාගන්න. නිර්මාණයේ හරි මැද සිට හෝ කොටු ගණන් කරමින් මුල සිට මැසීම අරඹන්න.

රෙද්දේ අඟලට ඇති කොටු ප්‍රමාණය අනුව භාවිත කළ යුතු නූල් පොටවල් ප්‍රමාණය ද වෙනස් වේ.

අඟලට කොටු 14ක් නම් නූල් පොටවල් 4ක් සෑහේ. අඟලට කොටු 11ක් හෝ 10ක් නම් නම් නූල් පොටවල් 6 ම භාවිත කරන්න.

මෙහි එකම අංකය දෙතැනක හෝ කීප තැනක තිබුණාට එය ගැටලුවක් කර නො ගන්න. එසේ සඳහන් කර ඇත්තේ භාවිත කරන නූල් පොට ප්‍රමාණයේ වෙනස්කම නිසාය.

එහෙත් එය ඔබ සැලකිග්ගට ගත යුතු නැත. මෙහි රේඛා මඟින් දැන්වෙන ඒවා ආපසු මැස්මෙන් මසාගන්න.

Tharunie