Wednesday, April 24, 2024
Follow Us
ගෙදරට ගෙනාපු දඟකාරයා බලා ගන්නෙ කොහොමද?

සුරතලෙක් කියන්නේ නිවෙසක හිඳින අයගේ සිතට සතුට ගෙන දෙන දෙයකි. පීඩාවට, විඩාවට පත් වී ඇති සිතට සහනයක් ගෙනෙන්ට හැකි සුනඛ සුරතලා ආදරයෙන් බලා ගන්නේ කොහොමද කියලා අද විමසා බලමු.‍

ප්‍රධානම දෙයක් වන්නේ මලපහ සහ මූත්‍රා ඉවත් කර පිරිසුදු කිරීමයි. මේ වගේ දඟකාරයෙක් පුංචිම පුංචි කාලේ හැම තැනම මලපහ, මුත්‍රා කරනවා. එහෙත් නිශ්චිත ඒරියා එකක් හුරු පුරුදු කළොත් එයාලගෙන් අපිට, අපේ නිවෙස අපිරිසුදු වීම වළක්වා ගන්න පුළුවන්. ඒ සඳහා මුලින්ම ඔවුන්ගේ හැසිරීම හොඳින් අධ්‍යයනය කළ යුතුයි. පුංචි සුරතල් පැටව් එකම පරිසරයක ළඟ ළඟ තැන්වල මළපහ දාන්න, මූත්‍රා කරන්න උත්සාහ ගන්නවා. මේ පුංචි සුරතල් බලු පැටව් මුලින්ම නිදාගෙන නැගිට්ට ගමන් මුත්‍රා දානවා. ඒ වගේම කෑම කනවා. නැවත මලපහ දානවා. මෙන්න මේ හැසිරීම් රටාව ඔබ හොඳින්ම අධ්‍යනය කර මතක තබා ගන්න. ඔබට මේ පුංචි පැටවුන්ගේ මලපහ, මුත්‍රා දැමීම එතරම් ලොකු ගැටලුවක් වන්නේ නෑ. එනම් මේ සුරතල් පැටවා නිදාගෙන නැගිට්ටම මූත්‍රා දැමීමට එකම තැනක් හුරු කරගන්න ඔබට පුළුවන් වේවි. එයාලා ගොඩක් වෙලාවට පෙර දිනයක මලපහ දැමූ ස්ථානයට යළිත් ඒ සුවඳ සොයා ගොස් එතැනම දැමීමට ඉඩ තිබෙනවා. ඔබ දක්ෂ විය යුත්තේ මේ එකම තැන එනම් ඔබේ ගෙදර පිරිසුදු තැනක් නම් එම ස්ථානයෙන් මෙයාව ඉවත් කර ගැනීමටයි.

එතැනදි ඔබ සුනඛ පැටවාට සුදුසු වෙනත් එකම ස්ථානයක් හුරු කරන්න අවශ්‍යයි. සමහර සුනඛ පැටව් ඔබේ නිවෙසේ අමුත්තන් පැමිණෙන ස්ථානයක ඒ කියන්නේ සාලෙ වගේ තැනක මුත්‍රා දාන්න පුරුදු වෙනවා. එවිට හොඳ වඩාත් සුදුසු පිරිසුදුකාරකයක් දමා එතැන කිසිදු සුවඳක් ගඳක් නැති පරිදි පිරිසුදු කළ යුතුයි. නැතිනම් එම සුවඳ හෝ ගඳට යළිත් මේ සුනඛ පැටවා පුරුදු වී එතැනටම අැවිත් මේ කාර්යය සඳහා යොමු වෙනවා. සුරතල් සුනඛ පැටවා මුත්‍රා දාන එක ඔබට එතරම් ගැටලුවක් නොවුණත් ඔබ නො දැනුවත්ව මලපහ දැමුව හොත් එය නම් මහත් ගැටලුවක් වේවි. එනම් ඔබට හෝ පවුලේ සාමාජිකයන්ට එසේත් නැතිනම් ගෙදරට එන අමුත්තකුට එය පෑගිලා හැමතැනම ගෑවෙන්නට ඉඩ තිබේ. බැවින් ඒ සඳහා හොඳ පුරුදු කිරීමක් කළ යුතුමයි.

බොහෝ වෙලාවට කෑම කාලා මඳ වේලාවක් ගිය පසුව හෝ උදේ කාලයක නිශ්චිත වේලාවන් කීපයක් මේ සඳහා ඔබ වෙන්කර තබා ගන්න. මෙතැන දී ඔබ තට්ටු නිවාසයක හෝ උස පඩිපෙළක් සහිත නිවෙසක ජීවත් වෙනවා නම් ඔබට මෙය ගැටලුවක්. එම නිසා යම්කිසි පුංචි ස්ථානයක් තීරණය කර එම ස්ථානයට වැලි හෝ පත්තර පිටු දමා ඔවුන්ව හුරු පුරුදු කළ හැකියි. මෙහිදී වැදගත්ම දෙය මලපහ හා මුත්‍රා දාන එක නවතා ගත හැකි වීමයි. මේ සුනඛ පැටවා ටිකෙන් ටික ලොකු වනවිටත් හොඳ පුරුදු එයාලට දිගටම පවතිනවා. සුනඛ සුරතලාගේ අවශ්‍යතාව පැන නැගුනත් එයා ගෙදර දොර ළඟට විත් ඔබට සංඥාවක් ලබා දෙනවා මිස මලමුත්‍රා ගේ ඇතුළේ නොදමයි.

දැන් අපි බලමු කොයි තරම් හුරුපුරුදු කරත් මේ සුරතලා ඔබ අකැමැති ස්ථානයක මලමුත්‍රා දානවා කියලා. ඔබ දන්නවාද පුංචි සුරතල් බලු පැටවකු පුරුදු පුහුණු කරන විට සැරෙන් කියන දේ අහනවා. No/ Dont Do This එපා ඕක කරන්න. එපා. එළියට යන්න. මේ වගේ අණ දෙන්න පුළුවන්. ඒ විදිහට නිවැරැදි පුරුදු පුහුණුවක් කළහොත් සුරතල් සතත් සතුටින් නිවැසියොත් සතුටින්.

උපදෙස්

පශූ වෛද්‍ය

නුවන් වික්‍රමසිංහ

Dr. pet Hospital

 

Tharunie