Tuesday, April 23, 2024
Follow Us
අම්මටයි දෝණිටයි ලස්සන මෝස්තරයක්

ගිය සතිෙය් අම්මලා දුවලාට එකම විදිහේ ඇඳුම් ෙමා්ස්තර තිළිණ කළා. එෙහම අඳින්නට කැමැති අම්මාට සහ දුවට උත්සව අවස්ථාවක හැඩ වෙන්නට කදිම මෝස්තරයක ගවුමක් මසාගන්නා ආකාරය මෙලෙස ගෙන එනවා. අම්මා ජනනී, දෝණි ලුනා... මේ ලස්සන ගවුම් දෙක මසන ආකාරය පැහැදිලි කරන්නේ ගවුම් දෙකම මැසූ ආදරණීය අම්මා ජනනී ගුරුසිංහයි.

අවශ්‍ය මිමි

කඳ කොටස සඳහා උරහිසේ සිට ඉණ දක්වා උස, උරහිස සම්පුර්ණ මිම්ම, කිහිලි කට, අත දිග, අත්කට වටයේ මිම්ම, ඉණ, මහත යන මිමි අවශ්‍ය වේ.

ගවුමේ සාය කොටස සඳහා ඉණ වට, ඉණේ සිට විළුඹට උස (සාය තමන් කැමැති උස ප්‍රමාණයට ගන්න), උරහිසේ සිට සාය පහළ දක්වා මුළු උස මිමි සඳහන් කරගන්න.

 

සාය කොටස කපා ගනිමු

ඔබ කැමැති රැලි සායක් නම් ඒ සඳහා මුළු ඉණ වට රවුම වගේ දෙගුණයක් ගන්න. වැඩිපුර ප්‍රමාණය තමයි ඉණවට රැලි සහිතව රඳවන්නේ. ඒ අනුව සාය උස සඳහන් කරගෙන ඉණ වට රවුමේ මිම්ම වගේ දෙගුණයක් සමඟින් සාය කොටස කපා ගන්න. ලයිනිං සඳහා ගනු ලබන පොප්ලින් රෙද්දත් ඒ වගේම ඒ ප්‍රමාණයටම කපාගන්න. (මේ හැම මිම්මකටම අඟල් කාලක් හෝ බාගයක් මැහුම් වාසි තබා කපාගත යුතුවේ.)

ගවුම ඇඟටම හැඩට තබාගන්න නම් අපි සිපර් එකක් ඇල්ලිය යුතුයි. ඒ සඳහා අඟලක් ඇතුළට නමා අල්ලා ගැනීමට මැහුම් වාසි තබා සාය කොටස කපාගන්න. ඔබ කැමැති ෆ්ලෙයාඩ් සායකට නම් ඉණ සිට පහළට අවශ්‍ය මිම්ම සහ ඉණ වට මිම්ම ගන්න.

45 පළලැති ගවුම් රෙද්ද හරියට දෙකට නමන්න. දැන් එය උඩින් නැවතත් ත්‍රිකෝණයක් හැඩයට නමන්න. උඩ උල් හැඩය කොටසේ සිට පහළින් ඉණ වට ප්‍රමාණය ලකුණු කරගන්න. දැන් ලකුණු කරගත් තැන සිට රෙද්දේ පහළට අවශ්‍ය උස බලා ලකුණු කරන්න. දැන් වාටි නැවුමේ සිට රවුමක හැඩයට ත්‍රිකෝණයේ ඒ කොනේ සිට මේ කොණට ලකුණු කරගන්න. කණ වාටිය තිබෙන පැත්තේ සිපර් එකක් ඇල්ලීමටත් එක්කම අඟලක් මැහුම් වාසි තබාගන්න. මේ විදියට ම ලයිනිං එකත් කපාගන්න.

 

දැන් කඳ කොටස කපා ගනිමු

මුලින්ම ලයිනිං සඳහා ගනු ලබන පොප්ලින් රෙද්ද ගෙන එහි ඇඟ උස මිම්ම සහ මහත, අත් කට වට රවුම සඳහන්කර කපාගන්න. ඔබට පුළුවන් පත්තර පිටුවක් ගෙන මිමි සඳහන් කරමින් මුලින්ම පතොරමක් කපාගන්න.

ඒ අනුව පිටුපස කොටස ද කපාගන්න. පිටුපස කොටස කපද්දී විවරයට අඟල් 1 බැගින් දෙපැත්තටම අඟල් දෙකක මැහුම් වාසි තියාගන්න. කර බෝට් නෙක් එකේ හැඩය නිසා උරහිස අඩුවෙන් ගැඹුර අඩුවෙන් කපාගන්න. ලයිනිං එක ගවුම මසන්නට තෝරාගත් රෙද්ද මත තබා ඇල්පෙනිති ගසා රඳවා ගන්න. කඳ කොටස ඉදිරිපස සහ පසුපස පළු දෙකම වෙන වෙනම කපාගන්න.

ලේස් රෙද්දක් එකතු කරන නිසා එයත් ඒ මිම්මටම කපාගන්න. අත දිග සහ අත් කට මිමි සඳහන් කරමින් අත් දෙක ද ලේස් රෙද්දෙන් කපාගන්න.

 

ගවුම මසමු

මුලින්ම සාය සඳහා ලයිනිං එක සහ ගවුම් රෙද්ද තබා මැස්මක් ඇඳගෙන ඉන්න. ඉන්පසු එකට තබා මසා ගන්න. සාය යට කොටස ලයිනිං එක සහ සාය වාටිය වෙන වෙනම වාටි මහන්න. කඳ කොටස ලයිනිං එක මත තබා කණපිට පැත්ත උඩට එන විදියට තබා අල්පෙනෙති ගසා ගන්න. කරවට මැහුමක් ගසා අනිත් පැත්ත හරවා ගන්න. එවිට ඔබට කරවට වාටිය මැසිමට අවශ්‍ය නොවේ. පිටුපස සහ ඉදිරිපස කොටස් දෙකම මේ විදියට මසාගන්න. කොටස් දෙකම එකට තබා දෙපැත්ත මසාගන්න. අත් දෙක ද දෙපැත්ත මැහුම් ගසා කඳ කොටසට අල්ලන්න. පිටුපස විවරය අඟලක් ඇතුළට නමමින් ඇඟ කොටස සහ සාය කොටස ඉණෙන් සම්බන්ධ කරගන්න.

උපදෙස්

මැහුම් උපදේශිකා ජනනී ගුරුසිංහ

Tharunie