Monday, February 16, 2026
Follow Us
යුවතියකගේ සුන්දරත්වය

කහ මල් පොකුරක් අතින් දරා

නෙතඟින් හිමිහිට බැලුම් හෙළා

කොහෙ යනවාදෝ ඇලිස් ඔයා.....

 

ඇලිස්, ඒ ඇගේ නමයි. කහ පැහැති මල් පොකුරක් අතින් ගෙන, හිස පැලඳි තොප්පිය කහ මලින් හැඩ කර නෙත් කොණින් බැලුම් හෙළන සුන්දර යුවතියකි. ඇගේ අපූරු සිත්තමට කතිර රටාවෙන් ජීවය දෙන්නට කැමැති නම් මෙන්න අවස්ථාව.....

 

අවශ්‍ය ද්‍රව්‍ය :

අඟලට කොටු 10ක්, 11ක් හෝ 14ක් ඇති ළා පැරැණි සුදු

පාට (ඇන්ටික් වයිට්) අයිඩා රෙදි

නොම්බර 24 සිට නොම්බර 26 දක්වා ටැපැස්ට්‍රි ඉඳිකටු

අවශ්‍ය වර්ණවල කපු කැරැලි නූල්

රාමුව, ඉඳිකටු, කතුර

 

නිර්මාණය කිරීම

රෙද්දේ ඇති අඟලට කොටු ප්‍රමාණය අනුව මසන නිර්මාණයේ ප්‍රමාණය වෙනස් වේ. මේ නිර්මාණය අඟලට කොටු 14ක් ඇති අයිඩා රෙද්දේ මසන්නේ නම් සෙන්ටිමීටර් 18.69x25.94 කි. අඟලට කොටු 11ක් හෝ 10ක් ඇති රෙද්දේ මසන්නේ නම් නිර්මාණයේ ප්‍රමාණය තව විශාල වේ. රාමුකර ගැනීමට වටේට ඉඩ තබා රෙදි කොටස කපාගන්න. නිර්මාණයේ හරි මැද සිට හෝ කොටු ගණන් කරමින් මුල සිට මැසීම අරඹන්න.

රෙද්දේ අඟලට ඇති කොටු ප්‍රමාණය අනුව භාවිත කළ යුතු නූල් පොටවල් ප්‍රමාණය ද වෙනස් වේ. අඟලට කොටු 14 නම් නූල් පොටවල් 4ක් සෑහේ. අඟලට කොටු 11ක් හෝ 10ක් නම් නම් නූල් පොටවල් 6 ම භාවිත කරන්න.

මෙහි එකම අංකය දෙතැනක තිබුණාට ගැටලුවක් නැත. එසේ යොදා ඇත්තේ නුල්පොටවල් ප්‍රමාණයේ වෙනස්කම් නිසාය. එහෙත් ඔබ එය සැලකිල්ලට ගත යුතු නොවේ.

Tharunie