Friday, March 29, 2024
Follow Us
ලස්සන වෙසක් කූඩු

ලෝවැසි බෞද්ධයන් බැති සිතින් සමරන වෙසක් පුන් පොහොය තවත් නොබෝ දිනකින් උදාවෙනවා. මේ උතුම් දිනය ලොකු පොඩි සැමට පහන් හැඟුම් සමඟ සිතට සැනසුම ගෙනෙන දවසක්. දින කිහිපයක් පුරා නිවෙස, ගෙවත්ත මෙන්ම මංමාවත් ද විදුලි ආලෝකයෙන් වර්ණවත් කරන්නේ සිත පුරා නැඟි සතුට කියා පාමිනි. ඒ වෙනුවෙන් පවුලේ සැමට එකතු වී අලංකාර නිර්මාණ කරමින් නිවෙසත් අවට පරිසරයත් ආලෝකවත් කළ හැකියි. ඒ වෙනුවෙන් පවුලේ සැමට එක් වී කළ හැකි නිර්මාණ පෙළක් මෙලෙස ගෙන එනවා.

අවශ්‍ය දේවල්

ඔබ කැමැති පාට ඒෆෝ කොළ ගන්න

බයින්ඩර් ගම්

 

නිර්මාණය කිරීම

මේ සඳහා තැඹිලි පාට කොළයක් හා කහ පාට කොළයක් ගන්න. තැඹිලි පාට කොළය හරියටම දෙකට නමන්න. දැන් නැවුම් පැත්තේ සිට කොනට යනතුරු අඟල් බාගයක් ඉතුරුවන ලෙස. තීරු කපන්න. වෙන් වෙන්නම කපන්න එපා. රැලි විදියට අඟල් කාලක සයිස් එකෙන් වගේ දිගටම කපාගන්න. දැන් කහ පාට කොළය ගෙන එහි දිග පැත්තෙන් අඟලක පමණ කොටසක් අයින් කරන්න. අයින් කරගත් තීරුව දෙකට කපා හැන්ඩ්ල් එක සඳහා ගන්න පැත්තකින් තියන්න. දැන් කහ පාට කොළයේ දාර දෙක මත ගම් ගාගන්න. තැඹිලි පාට තීරු කැපූ කොළයේ දාර කහ පාට කොළයේ දාරවලට අලවාගන්න. දැන් වටේට කරකවා කොන් දෙකෙත් ගම් ගා අලවගන්න.

හැන්ඩ්ල් එක සඳහා අයින් කරගත් කහ පාට තීරුව ගෙන දෙපැත්තට ගම් ගා හැන්ඩ්ල් එකක් ලෙස අලවාගන්න. ඉතුරු තීරුව කූඩුවේ කට වටේට ලස්සනට අලවාගන්න. ඔන්න දැන් අපි වෙසක් කූඩුව හදලා ඉවරයි.

(Tharunie)