Thursday, April 25, 2024
Follow Us
පත්තර කොළ ටේබල් මැට්

ඇති වී තිබෙන කඩදාසි හිඟයත් සමඟ කඩදාසිවල වටිනාකම ඉහළ ගිහින්. අපේ ගෙවල්වල ඉවත දමන්න අයින් කළ පරණ පත්තර මොනතරම් තියෙනවා ද? එලෙස තිබෙන පත්තර කොළවලින් අලංකාර ටේබල් මැට් මෙලෙස හදමු.

අවශ්‍ය දේවල්

පත්තර කොළ

ගම්

කුයිලිං ටූල් එක

කඩදාසි ඔතා ගැනීමට ඝනකම් ඉරටුවක්

 

නිර්මාණය කිරීම

පත්තර පිටුව ගෙන එහි එක් කොණකින් ඉරටුව තබා කඩදාසිය පරිස්සමට ඔතා රවුම් බට සාදාගන්න. මේ බට සෑදීමේ දී කඩදාසියේ අවසන් කොටසේ ගම් ගා ඔතාගන්න. ඔතා අවසන් වූ පසුව ඉරටුව ඉවත් කරන්න. පසුව එම බට අතින් තුනීකර පටි ලෙස සකසා ගන්න‍. දැන් කුවිලිං ටූල් එක ගෙන ඒ වටා කඩදාසි පටි ඔතා ටයිට් කොයිල් සකසා ගන්න. ඒ වටා අවශ්‍ය නම් තවත් පටි තබා රවුම් කරගන්න. එය මැට් එකකි. එම කොයිල් කුඩාවට කිහිපයක් සකසා නැවත ඒවා අලවා ගැනීමෙන් ද මැට් එකක් සැකසිය හැකියි. එමෙන්ම රවුම වටා ත්‍රිකෝණ හැඩයට, කොටු හැඩයටතව පටි අලවා මැට් සකසා ගන්න. මේ කොයිල් හා මැට් දෙපැත්තේ ගම් ගාන්න. ඒවා වියැළෙන්න තබන්න.

(Tharunie)