Friday, April 19, 2024
Follow Us
හිස සරසන්නට ඩෙනිම් මලක්

අවශ්‍ය දේවල්

පරණ ඩෙනිම්

ගැළපෙන නූල්

ඉඳිකටු

කතුර

බොත්තමක් හෝ පබළුවක්

බූල් බෑන්ඩ් එකක් හෝ හෙයා

පින් එකක්

ගම්

නිර්මාණය කිරීම

පළමුව මෙහි දැකවෙන ආකාරයට විවිධ ප්‍රමාණයට ඔබ කැමැති හැඩයක මලක් කොළයක ඇඳ පතරොම් සකසා ගන්න. එම පතරොම් භාවිතයෙන් මල් හතක් කපාගන්න. දැන් ලොකුම මල යටින් තබා ඉතිරි මල් ප්‍රමාණය අනුව පිළිවෙළට එක මත එක තබාගන්න. ඒ මල් සියල්ල එකට හසුවන සේ මැදින් මසාගන්න. උඩින් බොත්තම හෝ පබළුව තබා මසන්න. දැන් හෙයා පින් එක ගෙන හොට් ග්ලූ ගන් යොදා පින් එක මත මල අලවන්න. බූල් බෑන්ඩ් එකකට සමබන්ධ කරන්නේ නම් රෙදි කොටසක් තබා අලවා මසාගන්න.

(Tharunie)