Thursday, April 25, 2024
Follow Us
හෝල්ඩර් වර්ග හඳුනාගන්න

මෙතෙක් කාලයක් විදුලිය භාවිතා කළත් නොදැන සිටි කරුණු බොහොමයක් දැන ගන්නට ඇති බව අපිට විශ්වාසයි. විදුලිය කියන්නේ මාරයෙක් බව අපි අවධාරණය කළා. නොපෙනෙන මාරයෙක්. හැබැයි පැමිණ පහර දෙන්නේ නැහැ.

භාවිත කරන්නාගේ නොසැලකිලිමත් බව, අපරික්ෂාකාරී බව ඒ සඳහා සෘජුව බලපානු ලබනවා. අන්න ඒ නිසා පරිස්සමින්... මේ ලිපි පෙළ වෙනම එකතු කර ගෙන පරිස්සමට තියා ගන්න.

ඔබට විතරක් නෙමෙයි ඉදිරි පරම්පරාවටත් එය වැදගත් වේවි.

ඔබට පාසල් යන වයසේ සිටින / විදුලි කාර්මික පාඨමාලා හදාරන වගේම පළපුරුද්දෙන් ශිල්පයේ යෙදෙන දරුවන් සිටිනවා නම් මේ ලිපිය තුළ අඩංගු කරුණු අන්න එයාලට වැදගත්.

ඒ වගේම ඔවුනට දැනුම ලබාදෙන තවත් විශේෂ කරුණු ටිකක් මේ සතියේ කියා දෙන්න හිතුවා. ඔවුන්ට වගේම නිවෙසේ වැඩිහිටියන්ටත් මෙම කරුණු වැදගත් වනු නිසැකයි. පෙර ලිපිවලින් දැනුවත් කළ පරිදි දැන් සාමාන්‍ය මට්ටමේ නඩත්තුවක් කර ගන්න ඔබත් දන්නවනෙ...

මේ තිබෙන්නේ විදුලි අලුත්වැඩියාවකට හෝ වයරින් කිරීමක දී අත්‍යාවශ්‍ය උපකරණ ටිකක්.

* Flat Screw Driver - පැතලි ස්කුරුප්පුනියන (4x80mm)

* Flat Screw Driver - පැතලි ස්කුරුප්පුනියන (3x50mm)

* Flat Screw Driver - පැතලි ස්කුරුප්පුනියන (8x150mm)

* Ball Pin Hammer - බෝල පෙති මිටිය (250g)

* Borror - ඇලිස් කටුව

* Cable Knife - වයර් සුද්ධ කරන පිහිය

* Insulated Combination Plier - පරිවරණ යෙදූ බහු කාර්ය අඬුව

* Insulated Diagonal Piler - පරිවරණ යෙදූ පැති කපන අඬුව

* Insulated Flat nose piler - පරිවරණිත පැතලි නාස් අඬුව

* Steel measuning tape (15mm) වානේ මිනුම් පටිය.

“මිගාර ගොඩක් දේවල් ගැන කතා කළා. ඒ වුණාම හෝල්ඩර් වර්ගත් තියෙනවා නේද ජාති දෙක තුනක්?“

කාශ්‍යප සිහි කැඳවීමක් කළා.

“ඔව්නෙ කාශ්‍යප... බෙනට් කැප්, ස්කෘ කැප් වෙනස ගැන කතා කළාට අනිත් වෙනස්කම් ගැන කියන්න අමතක වුණා. ඒවා වර්ග තුනක් තියෙනවා. අර තියෙන්නෙ බිත්තියට හයිකරලා ඇලේට එකක්.... ඒකට කියන්නේ ඈන්ගල් හෝල්ඩර්. එතකොට ගබඩා කාමරේ බාල්කයට දාලා තියෙන්නේ රවුන්ඩ් බ්ලොක් එකේ ‍ෙකලින්ම පහළට... ඒක බැටන් හෝල්ඩර්. එතකොට මේ තියෙන සුදු වයර් එකට සම්බන්ධ එල්ලෙන එකට සාමාන්‍ය පෙනුම ප්ලේන් හෝල්ඩර්. හරියටම කියනවා නම් පෙන්ඩන්ට් ටයිප් හෝල්ඩර්... ඔන්න එහෙනම් ඒකත් හරි. තව ටිකයි ඉතුරු වෙලා තියෙන්නෙ. ඊට පස්සේ කෝස් එක කම්ප්ලීට්.“

“වයරින් ක්ලිප්වල ප්‍රමාණය තීරණය වෙන්නෙ වයර් ප්‍රමාණය අනුව ද මිගාර?“

“ඔව් කාශ්‍යප... ඒ අපි චාට් එකකින් පැහැදිලි කර ගනිමු.“

(Tharunie)